(ඉන්දිකා රාමනායක)
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදි ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සහ කළ බව කියන සිද්ධියෙන් අනතුරු හරක් කටාගේ ආරක්ෂාව තරකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
විශේෂ කාර්ය බළකායේ 10 ට ආසන්න කණ්ඩායමක් ආරක්ෂාව සදහා අනුයුක්ත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉකුත් (10) පස්වරුවේ හරක් කටා එහි ආරක්ෂාවට යොදා සිටි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරික්ෂවරයකුගේ ගිනි අවියක් උදුරාගන පලා යාමට උත්සහ කළ බව කියන සිද්ධියෙන් පසු ඔහුගේ ආරක්ෂාව තරකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැති ආරක්ෂාව දිය යුතුයි. මොකද මේ වගේ අයනේ ඊළඟට ඇමැතිලා වෙන්නේ...
ඇමැති ආරක්ෂාව දුන්නා නම් හරි...
‘‘මධුෂ්‘‘ ළඟට යවන්න වගේ සැලසුම...!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කරගෙන තවත් ආරක්ෂාවක් යොදවාගන්න, එහෙම නැතිනම් දේශපාලකයන්ගේ වුවමනා එපාකම් වලට වැඩ කරන්නේ මේ අපරාධ දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන් හරක් කටාව ඝාතනය කරනවා.
හරක් කටාට "සැලියුට්" එහෙම ගහලා නැද්ද තවම..? අනාගතයේ මේ රට බාර ගන්න ඉන්න කෙනෙක් වෙන්න බැරිද මේ...? ඔර්ජිනල් නම වෙනුවට අනවර්ථ නාමය භාවිතා කරන්න තරම් අපේ රටේ මාධ්‍යයත් හරිම සදාචාර සම්පන්නයි...මතු යම් දවසක, ඔර්ජිනල් නම භාවිතා කරලා රට ගැන හිතන දේශප්‍රේමී කතාවක් කලාම, මගේ චන්දය උනත් වැටෙන්න බැරි නැහැ මෙතුමාට...?