(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පළාත් සභා ක්‍රියාත්මක නොවන මෙම කාල සීමාවේදී එම සභාවලට දෙන මුදල් විනිවිද භාවයකින් පරිහරණය කරන ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් කොමිෂන් සභාවට උපදෙස් දුන්නේය.

දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ලබන වර්ෂය සඳහා රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් වෙන් කර ඇතැයි  මුදල් කොමිෂන්  සභාව  එම අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්නේය.

මේ අතර පොලීසිය දේශපාලඥයන්ගෙන් වෙන්කර තැබිය යුතු බව කාරක සභාවේ සභාපති මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා  පොලිස් කොමිෂන් සභාවට  පැවසුවේය.

විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව  එහි සභාපති මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.

පළාත් සභා ස්වාධීනව කටයුතු කළ හැකි ආකාරයට ගොඩ නැගිය යුතු බව කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.එ බැවින් ඒවායේ දියුණුවට පවතින බාධාවන් හඳුනාගෙන ඉදිරිපත් කිරීමේ වගකීම  මුදල් කොමිෂන් සභාව සතුව පවතින බවද  සභාපතිවරයා පැවසීය.