(වසන්ත චන්ද්‍රපාල)

යාපනය නල්ලූර් ප්‍රදේශයේ නිවෙසක ඇති කළ මුවන් තිදෙනකු අඩවිවන නිලධාරීන් බාරයට ගැනීමෙන් පසු නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් එන්නතකින් පසු එම මුවන් තිදෙනා මියගොස් ඇති බවට වනජීවි කාර්යාල ආරංචි මාර්ග කියයි.

නීති විරෝධී ආකාරයට මුවන් තිදෙනකු යාපනය නල්ලූර් ප්‍රදේශයේ නිවෙසක ඇති කරන බවට ලැබුණු තොරතුරක් මත කිලිනොච්චිය අඩවි වන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

පසුව එම සතුන් ඇති කළ බව කියන පුද්ගලයා ද සමග මෙම සතුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. පසුව  එම සතුන් රැගෙන යාම සඳහා නිර්වින්දනය සඳහා එන්නත් ලබා දී ඇත. පසුව එන්නත් දුන් එක් මුවකු එම ස්ථානයේම මියගොස් ඇති අතර අනෙක් සතුන් දෙදෙනා  වනජීවි නිලධාරීන් බාරයේ සිටියදි මියගොස් ඇත.

මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී.එම්.එ වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ  මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි .