විදුලි බිලට එරෙහිව සජිත් සටනට වැරදි ආකාරයට විදුලි බිල වැඩි කිරීමට කටයුතු නොකරන්නැයි මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවට නියෝගයක් දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 October 2023
කතානායකගෙන් විජේදාස-අලූත්ගමගේ ගැන දැඩි ප්‍රකාශයක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ නිවෙස් වටලන ලෙසට ජනතාවට ආරාධනා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි සදාචාර විරෝධී ක්‍රියාවක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20 ) පැවසීය 20 October 2023
අල්ලස් කොමිසමෙන් ගත් අල්ලසක් ගැන විජයදාස හෙළි කරයි දූෂණ විරෝධී පනත අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරිනියකට උසස්වීම් අල්ලසක්දී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 October 2023
ඉඩම් ආරවුල මරණයෙන් කෙලවර වෙයි ඉඩම් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් හිසට පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති බව පයාගල පොලිසිය පවසයි 20 October 2023
කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙක් මාට්ටු රාජගිරිය ඔබේසේකරපුර වජිරවංශ මාවතේ කුළී නිවසක සිට නීති විරෝධී මත්පැන් පෙරීමේ නිරතව සිටි චීන ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි. 20 October 2023
අක්කර 40000කට බඩ ඉරිගු බීජ නොමිලේ බෙදයි මහ කන්නයේ අක්කර 40,000කට බඩ ඉරිඟු බීජ නොමිලයේ ගොවීන් වෙත බෙදා දීම අද (20) සිට ඇරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 20 October 2023
’’ඊශ්‍රායලය-පලස්තීනය කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශ කරනු’’ ඊශ්‍රායලය, පලස්තීන යුද්ධයට කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන්නැයි පාර්ලිමේන්තුවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (20)පැවසීය. 20 October 2023
චීන උප අගමැතිගෙනුත් ජනපතිට සහතිකයක් මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් - සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත් එසේම චීනය සෑමවිටම ශ්‍රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත් චීන උප අගමැති තිං ක්ෂ්යෙශං (Ding Xuexiang) මහතා පැවසීය. 20 October 2023
මෝදිගෙන් අබ්බාස්ට ඇමතුමක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් අතරේ දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි. ඒ, ගාසා තීරයේ අල් අහිල් රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙනි. 20 October 2023
බයිඩන් ජාතිය අමතයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ජාතිය ඇමතුවේය. 20 October 2023
උතුරේ හර්තාල් උතුරු පලාතේ හර්තාලයට උතුරේ වෙළඳසංගමය විසින් සහය දැක්වීම හේතුවෙන් අද (20) වෙළඳසැල් සියල්ලක් වසා දැමීමට පියවර ගෙන තිබේ. 20 October 2023
ගාසා දේවස්ථානයකටත් ප්‍රහාරයක් ගාසා තීරයේ ග්‍රීක සධාර්මික දේවස්ථානයකට ඊශ්‍රායල ගුවන් හමුදාව පහරදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 20 October 2023
විස දුමක් අග්‍රාණය වී 10ක් රෝහලේ තලවකැලේ පිහිටි වෙළෙඳසැලක ක්‍රියාත්මක කර තිබු ජෙනරේටර් යන්ත්‍රයක දුම් ආග්‍රහණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසු තත්ත්වයෙන් පසු වු තරුණියන් ඇතුළු පුද්ගලයන් 10 ක් ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරනු ලැබු බව තලවකැලේ පොලීසිය පවසයි. 20 October 2023
ලංකාවේ සුරූපිනියක් ‘ලියෝ’ චිත්‍රපටයේ දමිළ සිනමාවේ සුපිරි තරුව, තලපති විජේගේ නවතම චිත්‍රපටය ‘ලියෝ’ අද (20) ඉන්දියාවේ පමණක් නොව, රටවල් රැසක ද තිරගතවීම් ආරම්භ කරයි. 20 October 2023
රිය අනතුරින් පස් හැවිරිදි දරුවා මරුට නොරෝච්චෝල නගරයේදී කුඩා ලොරි රථයක යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටිමේන් සිදුවු සිදුවු අනතුරකින් පස් හැවිරිදි දරුවකු මරණයට පත්ව දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි. 20 October 2023
රන් බඩු හලෙන් ලක්ෂ 80ක රන් බඩු පන්නලා නුගේගොඩ හයිලෙවල් පාරේ පිහිටි රන්බඩු හලකින් රුපියල් ලක්ෂ 80 ට ආසන්න රන් බඩු සොරාගෙන ගිය සේවකයෙකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසයි. 20 October 2023
රාජකාරියට බාධා කළ කොස්තාපල් රියදුරුට වැඩ වරදී මාතලේ නාවුල නගරයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුටඅසභ්ය වචන වචනයෙන් බැන වදිමින්රාජකාරියට බාධාකර සාපරාධි බලහත්කාරකම් පැ බව කියන බීමතින් සිටියේ යැයි පැවසෙන පොලිස් කොස්තාපල් රියදුරෙකු සහවෑන් රථ රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසයි. 20 October 2023
අයි.එම්.එෆ් දෙවන වාරිකය අනුමතයි ශ්‍රී ලංකාව පිළිබඳ පළමු සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණ තිබේ 20 October 2023
වැස්ස දිගටම පවතින ලකුණු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 October 2023
උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කාලසටහන වෙනස් වෙයි උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන සංශෝධනය කරන බවත් නව කාලසටහන මේ මස 21 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 19 October 2023
ශිෂ්‍ය භික්ෂුව උණ්ඩ සමග මාට්ටු රඹුක්කන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන හිමිනමක් ටී - 56 මැගසින් 2ක් සහ උණ්ඩ 161 තොගයක් සමග අද සවස සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි. 19 October 2023
ලයිට් බිල සියයට 18 කින් නගී විදුලිය ගාස්තු හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. 19 October 2023
හොරණ ආපන ශාලාවකදී තරුණියක් පැහැරගෙන හොරණ ආපනශාලාවක දි රූමත් තරුණියක පැහැරගත් ජ්යෝතීෂවේදියෙකු ඇතුළු තිදෙනෙකු පැය දෙකයි විනාඩි 35ක් වැනි ඉතා සුළු කාලයක් තුළදී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය කියයි. 19 October 2023
ඉන්දියාව පිට පිටම සිව්වැනි ජයත් ලබයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 17 වැනි තරගය ලෙස පූනේහිදී අද (19) පැවැති තරගයේදී ඉන්දීය පිල කඩුලු 7 කින් බංග්ලාදේශය පරාජය කරමින් පිට පිටම සිව්වැනි ජය ජය ලැබීමට සමත් විය. 19 October 2023
අම්පිටියේ සුමනරතන නාහිමියන්ට පාර අවහිර කළැයි උණුසුම් තත්ත්වයක් මඩකලපුව දිවුලපතාන ගම්වාසීන් තම ගම්මානයේ මීට දින තුනකට ඉහතදී තැන්පත් කරන ලද බුදුපිළිමය අතුරුදහන් වීම පිළිබඳ සොයා බැලීමට 19 වෙනිදා මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් එම ගම්මානයට පිවිසීමත් සමග ඊට ආරක්ෂක අංශය මගින් දිඹුලාගල වලමණ්ඩිය පාලම අවහිර කිරීම හේතුවෙන් නාහිමියන් කරදියනාරු පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. 19 October 2023
සදහටම පාර්ලිමේන්තු නෑවිත් ඉන්නම් තමා අසන ප්‍රශ්නවලට ඇමතිවරුන් පිළිතුරු නොදෙන්නේ නම් සදහටම පාර්ලිමේන්තු නෑවිත් සිටින්නම් යැයි කතානායකවරයාට දැනුම් දෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය 19 October 2023
ජුනි තෙක් ඉන්ධන ගැන බයවෙන්න එපා ලබන වසරේ ජූනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පැවසීය. 19 October 2023
ගම්මු පැය 3 ක් අම්පාර දිසාපති හිරකර ගනිති අම්පාර දිසාපති චින්තක අබේවික්රලම මහතා අද 19 පෙරවරුවේ කල්මුනේ ප්‍ර දේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් යොදා ගෙන තිබු අතර ඔහු කල්මුනේ උතුර ප්‍රා දේශීය උප ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවේ ගම්වැසියෝ ප්‍රා දේශීය ලේකම් කාර්යාලය වටලා කල්මුනේ උතුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලය නීතියානුකුල කර දෙන ලෙස ඉල්ලිමක් කළහ. 19 October 2023
ඉස්සර සැප දැන් නෑ බුලත් විට කඩයක් වත් නැති මන්ත්‍රීවරුන් ගෙනුත් රුපියල් දෙලක්ෂ විසිදාහකටත් එහා ගණනක් අවුරුද්දකට බද්දට කැපී යන බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය. 19 October 2023
සිවුරක් දරා කුඩු ළඟ තබාගෙන අසුවේ හෙරොයින් මිලිග්‍රෑම් හැටක් සන්තකයේ සඟවාගන සිටි සිවුරක් දරාගත් අයකු අද (19) සවස මතුගම නගරයේදී අත් අඩංගුවට ගත් බව මතුගම පොලීසිය කියයි. 19 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026