(යොහාන් භාසුර)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවවලියේදී කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයන් කළ කැපවීම අගයමින් ප්‍රදානය කළ ඇමරිකානු ඩොලර් 50,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 160 ක මුදල එම සේවයන්ට බෙදීම ආරම්භ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවකයන් 138 ක් සහ පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයන් 115 ක් ඇතුළු සමස්ත සේවකයන් 253 කට මුදල් ත්‍යාගය හිමිවන බවත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවකයන්ට අද (6) මුදල් පිරිනැමූ බවත් ශී ලංකා ක්‍රිකට් ආයතනය කීය.
පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයන්ට අනිද්දා (8 වැනිදා) මුදල් ප්‍රදානය කරන බව ද ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් පැවසීය.
මෙම ඇමරිකානු ඩොලර් 50,000 ක මුදල් ත්‍යාගයට ආසියානු ක්‍රිකට් සභාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඩොලර් 25,000 බැගින් දායකත්වය සැපයීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් සල්ලි ගිහින් තියෙන්නේ කොහාටද කියලා චායාරුපයෙන් පෙනෙනවා .
සල්ලි නොදුන්නු බව ප්‍රසිද්ධ කලාට පස්සේ කඩි මුඩියේ දැන් ගෙවනවා .හොර හැත්ත