(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )

දරුවන්ගේ  පෝෂ ආහාර, වෛද්‍ය උපකරණ,ගිලන් රථ, පොහොර  සහ  ආබාධිතයන්ගේ උපකරණ ඇතුළු භාණ්ඩ ලැයිස්තුවක්  වැට් බද්දෙන්   ඉවත් කරන්නැයි   රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ බව එම කාරක සභාවේ සභාපති කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (6)  පැවසීය.

වැද්ද බදු සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගන්නා  ලබන 10 වැනිදා ඉරිදා මෙම පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමෙන් එම භාණ්ඩ වැට් බදු ලැයිස්තුවෙන් ඉවත් කළ හැකි බව  පැවසූ මන්ත්‍රීවරයා  විවාද අවස්ථාවේදී හැකියාව තියෙන්නේ නම් ඒ සම්බන්ධයෙන්  සංශෝධන  ඉදිරිපත් කරන්නේ යැයි මුදල් අමාත්‍යාංශ  නිලධාරීන්  ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.

හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.