එජාප මහ සම්මෙිලනය අනිද්දා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මෙිලනය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සෙනසුරාදා (21) සවස 2ට උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන බව පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 19 October 2023
කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පෙරෙැලෙයි පැවති ධාරානිපාත වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරන්ගහවෙල සිට හපුතලේ දක්වා කිලෝමීටර 20ක පමණ මාර්ග කොටසට අද (19 )උදෑසන වන විට තැනින් තැන ගල් පෙරළී තිබේ. 19 October 2023
සවස දෙකෙන් පසු අදත් වැස්ස දිවයිනේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 October 2023
ත්‍රීවිල් උස්සා ගෑනු පස්සේ ගිහිල්ලා කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ අසල නවතා තිබෙන තීරෝද රථ සොරාගෙන මුහුණු පොත හරහා ඉතා අඩු මුදලට අලෙවි කර කාන්තා ඇසුරු සඳහා මුදල් වැය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි. 19 October 2023
ඇල්ල - වැල්ලවාය මාර්ගයට පස් කන්දක් වැටේ ඇල්ල වැල්ලවාය මාර්ගයට ඊයේ 18 රාත්‍රී ගල්පර්වත සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 19 October 2023
බ්‍රිතාන්‍ය අගමැති ඊශ්‍රායලයට එනවා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හෙරොග් හමුවීමට බලාපොරොත්තු වන බවත් විදෙස් මාධ්‍ය පවසයි. 19 October 2023
ගාසා තීරයේ මරණ 3,487 ක් ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන මේ වනවිට 3,487 තෙක් ඉහළ ගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 12,065 කි. 19 October 2023
ගාසා වැසියන්ට මානුෂීය ආධාර ලැබෙනවා - බයිඩන් ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් විපතට පත්වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ඊජිප්තුව හරහා කඩිනමින් මානුෂීය ආධාර ලැබෙනු ඇති බව ඊශ්‍රායලයට ගොස් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ. 19 October 2023
රෝහලට පහර දුන්නේ හමාස් සටන්කාමීන් - බයිඩන් ගාසා රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ඇමෙරික් ජනාධිපති ජෝ බයිඩන් ද අවධාරණය කර තිබේ. 19 October 2023
ඝාතකයා ඝානයට ජනතාවගෙන් ප්‍රීති ඝෝෂා අවිස්සාවේල්ල තල්දුව ද්විත්ව ගඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදි පොලිසිය සමග ඇති වු හදිසි තත්ත්වයකදි මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වු කේ ඒ මහේෂ් ධනංජය (22) නමැත්තා ගේ අවසන් කටයුතු සිදුකළ අද (18) දින පස්වරුවේ ජනතාව ප්රිති වෙමින් අවිස්සාවේල්ල නගරය හා අවට ප්‍රදේශය පුරා පැය 2 ට ආසන්න කාලයක් පුරා රතිඤ්ඥා දැල් වු බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 18 October 2023
නවසීලන්තය පිට පිටම සිව්වැනි ජයත් ලබයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 16 වැනි තරගය ලෙස චෙන්නායිහිදී අද (18) පැවති තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 149 කින් ඇෆ්ගනිස්තානය පරාජය කරමින් පිට පිටම සිව්වැනි ජය ලැබීමට සමත් වූහ. 18 October 2023
මාල කොල්ලකරුවනට ගුරුවරියගෙන් අපූරු පාඩමක් යතුරුපැදියකින් පාසල වෙත ගමන් කරමින් සිටි ගුරුවරියක ගෙල පැළඳ සිටි රන් මාලය යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු කඩා ගැනීමට තැත් කළ අවස්ථාවේ ගුරුවරියම ඇය පැළඳ සිටි රන් මාලය කඩාගෙන දිවගොස් මාලය බේරා ගැනීමේ පුවතක් තිනියාවල පොලිසියෙන් වාර්තා වේ. 18 October 2023
උඩරට දුම්රිය මාර්ගයට ගලක් පෙරළේ පවතින තද වර්ෂාව සමග දියතලාව හපුතලේ අතර උඩරට දුම්රිය මාර්ගයට ගල් පර්වතයක් පෙරලීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 18 October 2023
ලංකා ජනපති ඇතුළු ලෝක නායකයෝ චීනයේදී එක මාවතක 03 වන “එක් තීරයක් - එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් රටවල් 20ක පමණ රාජ්‍ය නායකයන් සහ රටවල් 130ක පමණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් බීජිං නුවර මහජන මහා ශාලාවේ දී අද (18) ආරම්භ කෙරිණි. 18 October 2023
ඇප නැතිව කෝටි 1000ක් ණය දීලා නිවාස සංවර්ධන අධිකාරිය 2011 වසරේදී කිසිදු ඇපකරුවකු නොමැතිව රුපියල් කෝටි 1000කට අධික නිවාස ණය ලබාදී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 18 October 2023
බසය ගසේ හැපී 15ක් රෝහලට අනුරාධපුර සිට කොළඹ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මරදන්කඩවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් පාසල් දරුවන් දෙදෙනකු ඇතුලු 15 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇතැයි මරදන්කඩවල පොලිසිය පවසයි. 18 October 2023
ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපති දිවයිනට ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපති මාරියා ෆර්නැන්ඩා ගාර්සා ( Maria Fernanda Garza ) මහත්මිය ශ්‍රී ලංකාවේ 05 දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය. 18 October 2023
ගෝඨාගේ ලක්ෂ 170ව ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ නෑ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී අරගලකරුවන් සොයාගනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (18) දැනුම් දුන්නේය. 18 October 2023
රෝහල් ලෙඩ සුව කරන්න මන්ත්‍රී දොස්තරලා පෙරට රටේ සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ වෛද්‍යවරුන් වන සියලු මන්ත්‍රීවරු අද තීරණය කළහ. 18 October 2023
පාස්කු ඝාතකයන්ගේ පියාගේ ඇප ලිහිල් වේ පාස්කු ඉරුදින ෂැංගිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ස්වයං ඝාතක ඉන්සාෆ් අහමඩ් හා ඉල්ලාම් අහමඩ් ත්‍රස්ත සහෝදරයින්ගේ පියාට පනවා ඇති ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද තීරණය කළේය. 18 October 2023
කොළඹ ජාතික රෝහලට හෙද හිඟයක් කොළඹ ජාතික රෝහලේ හෙදියන් 370 දෙනකු මේ වන විට රටහැර දමා ගොස් ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවැසීය. 18 October 2023
මීරියබැද්දේ පිරිස වහා ඉවත් කරන්න කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය ගිය ස්ථානය දෙපස අධි අවදානම් කලාපයේ සිටින පවුල් 16 ක් ඉවත් කර හෙට දින (19) උසාවියට ප්‍රගතිය වාර්තා කරන ලෙස බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනෙත් ද සිල්වා මහතා අද (18) නියම කෙළේය. 18 October 2023
ගාල්ල යළිත් යටවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද අලුයම් කාලයේ සිට දවස පුරා ඇද හැළුණු ධාරාණිපාත වරෂාවත් සමග යළිත් පහත්බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවි ඇති අතර ගමනා ගමනයටද බාධා එල්ල විය. 18 October 2023
චීන ජනපති අනුන්ට උදව් කිරීමේ අගය කියයි චීනයේ “එක් තීරයක් - එක් මාවතක්” වැඩසටහන මගින් එක් රටකට පමණක් නොව රටවල් රැසකට යහපත සැලසෙන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය. 18 October 2023
වෙරිටේ අයි.එම්.එෆ් සැප්තැම්බර් මීටරය එළියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති වැඩසටහනේ ප්‍රගතිය කෙසේදැයි දැනගැනීමට පවතින හැකියාව තවදුරටත් දුර්වල වෙමින් පවතින බවත් සිය කටයුතුවල විනිවිදභාවය වර්ධනය කිරීම සඳහා වන කැපවීම් සම්පූර්ණ කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත් වී ඇති බවත් අයි.එම්.එෆ් මීටරයේ සැප්තැම්බර් යාවත්කාලීන කිරීමේදී අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 18 October 2023
පේරාදෙණි සරසවි පා ගමනට කඳුළු ගෑස් සමාජ මාධ්‍ය වාරණය පනත වහා හකුලා ගනු, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වනසන කොතලාවල උපාධි කඩ හරහා වෙද උපාධිය මුදලට විකිණීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය හකුලා ගනු ඇතුළු ඉල්ලීම් ගණනාවක් මූලික කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කොට තිබූ විරෝධතා පා ගමනකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී වාතාවරණයක් උද්ගත විය . 18 October 2023
පිටකොටුවේ ජංගම දුරකථන වෙළඳසැල් 20කට නඩු පිටකොටුව ප්‍රදේශයේ දුරකථන හා උපාංග අලෙවි කරන වෙළදසැල් විශේෂ පරික්ෂාවකට ලක් කර වෙළෙඳසල් 20 කට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 18 October 2023
වික්ටෝරියා යළි පිරෙයි දීර්ඝ කාලයක් තිස්සේ පතුලටම සිඳි තිබු වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ ගොස් තිබේ. 18 October 2023
නිවුන් දරුවන් හය දෙනාගෙන් එක් දරුවෙක් මිය යයි රාගම ප්‍රදේශයේ මවක බිහි කළ දරුවන් හය දෙනාගෙන් එක් දරුවකු අද පස්වරුවේ මියගියේය. 18 October 2023
ඩයනාගේ පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කොට ඇති පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමුකරන ලෙස ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. 18 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026