ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුවට දින දෙයි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු යැයි කියන රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන පේෂල හේරත් මහතා විසින් ගොනු කොට ඇති රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඔක්තෝම්බර් 31 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝගය කළේය. 18 October 2023
පොලිස්පති පත් කරන්න බැරි තරම් ආණ්ඩුව දුර්වලයි පොලිස්පතිවරයා පත් කරගන්න බැරි තරමට ආණ්ඩුව දුර්වල වී ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී අද (18)පැවසීය. 18 October 2023
ලංකා සතොස භාණ්ඩ 5ක මිල තවදුරටත් අඩු කරයි අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල හෙට (19) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. 18 October 2023
මෝටර් රථ ප්‍රවාහන ජංගම සේවය 21දා මඩකලපුවේදී මඩකලපුව ජනතාවගේ මෝටර් රථ ලියකිවිලි සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සංවිධානය කරන ජංගම සේවය’ මඩකලපුව හින්දු විද්‍යාලයේදී මේ මස 21 වැනිදා (සෙනසුරාදා) පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 18 October 2023
සමාජ මාධ්‍ය නියාමන පනතට එරෙහිව පෙත්සම් 45 ක් මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට( සමාජ මාධ්‍ය නියාමන) එරෙහිව පෙත්සම් 45 ක් ලැබී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වූයේ 18 පැවසීය 18 October 2023
මීගහතැන්නේ නිවෙසකින් බෝම්බ සහ ගිනි අවි මීගහතැන්න මහකළුපහන, මල්ලිකාගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අත් බෝම්බ,කඩු කිනිසි, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ තොගයක් සමග සැකකරුවකු මීගහතැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 18 October 2023
කඳපොළ හරහා රාගල මාර්ගය වසා දමයි කඳපොල නගරයේ සිට කොන්කෝඩියා වතුයාය හරහා රාගල දක්වා දිවෙන මාර්ගය කොන්කෝඩියා වතු ප්‍රදේශයේදී නායයාමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු අද (18) සිට සම්පුර්ණයෙන් නවතා දමා ඇතැයි කඳපොල පොලීසිය පවසයි. 18 October 2023
බයිඩන් ඊශ්‍රායලයට එයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පැමිණියේය. බයිඩන් පිලිගැනීමට ටෙල් අවීව් නුවර බෙන් ගුරියොන් ගුවන්තොටුපොළට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැමිණ සිටියේය. 18 October 2023
බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල - දියතලාව අතර දුම්රිය මාර්ගයේ දී පිලිපැනීමට ලක්ව තිබූ බදුල්ල කොළඹ සීඝ්‍රග්‍රාමි විශේෂ දුම්රිය යලි පිලිගත කිරීමත් සමඟ කොළඹ බදුල්ල දුම්රිය ධාවනය අද (18) අලුයම සිට යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 18 October 2023
අලි මිනිස් ගැටුමට විසඳුමක් ඉල්ලා කොළඹදී විරෝධතාවක් අලි මිනිස් ගැටුම විසඳීම සඳහා විසඳීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන සහ පරිසර සංවිධාන රැසක නියෝජිතයෝ පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද(18) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වූහ. 18 October 2023
ආණ්ඩුව කල් ඉකුත් වූ බඩුවක් ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ භාණ්ඩයක් බවට පත්ව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 October 2023
විදුලි බිල අවස්ථා තුනක් වැඩිකිරීම අසාධාරණයි වසරකට දෙවතාවක් පමණක් විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී අවස්ථා තුනක් විදුලි බිල වැඩි කිරීමට සූදානම්වීම අසාධාරණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 October 2023
ලෙබනනයේ කඩා වැටුණ ගොඩනැගිලලේ ලාංකික කතක්? ලෙබනනයේ මහල් හතක ගොඩනැගිල්ලක මහල් හතරක් කඩා වැටීම හේතුවෙන් එහි හිරවූ පුද්ගලයන් 5 දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක් සිටින බවට සැක කෙරෙන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා ප්‍රකාශ කළේය. 18 October 2023
විපක්ෂ නායක බෑ කියයි- අගමැති එන්න කියයි පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම සඳහා ජන වරම අනුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් විමසීමේ සාකච්ඡාවට එන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂවලින් ඉල්ලීමක් කළේය. 18 October 2023
රුවන් ප්‍රංශ තානාපති හමුවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එච්.ඊ.ජීන් ෆ්‍රැන්සුවා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (18) පැවැත්විණි. 18 October 2023
මෘදු මත්පැන් බලපත්‍ර නවතී සංචාරක හෝටල් සහ අවන්හල් සදහා මෘදු මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නවතා දැමූ බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පැවසීය. 18 October 2023
විදුලිය ,ඉන්ධන ,සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කරයි විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 18 October 2023
නාගරික ජනගහනය වැඩි වෙයි ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57% ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ. 18 October 2023
ලෙබනනයට යන්න එපා: ඇමෙරිකානුවන්ට අනතුරු ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇරැඹි යුද ගැටුම්, දකුණු දිග ලෙබනනයටත් පැතිර ගොස් ඇති බැවින්, ලෙබනනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අඟවා තිබේ. 18 October 2023
හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරනවා ගාසා තීරයේ අල් ආහිල් රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී අල්ලාගෙන, ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින විදේශිකයන් ඝාතනය කිරීමට පටන්ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. 18 October 2023
පළිබෝධනාශක නියාමනය කරන්න නියෝග එකම පළිබෝධ නාශකය විවිධ නම්වලින් අධික මිලකට අලෙවි කිරීම වහාම නියාමනය කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළිබෝධ නාශක රෙජිස්ට්රාර්වරයාට උපදෙස් දුන්නේය. 18 October 2023
පිය-පුතු පහරදීමෙන් සැරයන් රෝහලේ රාජකාරි නිමාවා නිවසකරා යමින් සිටී පොලිස් සැරයන්වරයෙකුට පිය පුතු දෙපළක් පහරදී මෙන් තුවාල ලද සැරයන් වරයා රෝහල් ගතකර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 18 October 2023
සූරියවැවේ ජල පාලන ගේට්ටුව කැඩෙයි කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරියපුර පිහිටි සුරියවැවේ සවි කරතිබු කාන්ති වැවට ජලය මුදා හරින ගේට්ටුව අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැඩි ගිය බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි. 18 October 2023
ව්‍යාපාරිකයා පැහැරගෙන සුද්දේ දැමූ සැරයන්වරුන්ට වැඩ වරදී ඩුබායි රටේ සිට පැමිණි ව්‍යාපාරිකයකු කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ දී පැහැරගෙන පොලිස් භට නිවසට රැගෙන ගොස් ව්‍යාපාරිකයා රැගෙන ආ රත්තරං කුඩු අඩංගු ජෙල් පැකට් 8ක් බලහත්කාරයෙන් ලබා ගත්තේ යැයි කියන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 18 October 2023
සිර මැදිරියෙන් පැන නීතිඥවරියගේ බෙල්ල මිරිකලා ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේසිර මැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේ එයින් එළියට පැන නඩු කටයුතු සඳහා පැමිණ සිටි නීතිඥවරියකගේ ගෙල සිරකර ඇය මරා දැමීමට තැත් කළ බව කියන පුද්ගලයෙක් ඒ මොහොතේම පොලිස් හා බන්ධනාගාර නිලධාරීන්ඒක්ව පාලනය කර සැකපිට අත්අඩංගුවට ගත් බව ගලගෙදර පොලිසිය පවසයි. 18 October 2023
ඝාතනයකට පැමිණි දෙකක් පොලීසියට කොටුවෙයි කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බව කියන දෙදෙනකු පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ හතරක් සමග කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 18 October 2023
වැස්ස අඩු නොවන ලකුණු දිවයිනේ මේ වන විට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 October 2023
ගාසා වැසියන් ඝාතනය වහා නවත්වන්න – ඉරානය ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර වහා නවත්වන්නැයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් කළේය. 18 October 2023
බයිඩන්ගේ ජෝර්දාන සමුළුව අවලංගුයි ඊශ්‍රායල හමාස් අර්බුදය ඔඩුදුවද්දී මැදපෙරදිග බලා පැමිණෙන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් ජෝර්දානයේ දී පැවැත්වීමට නියමිත වුවත්, ජෝර්දානයේ අබ්දුල්ලා රජු එම සමුළුව අවලංගු කර ඇත. 18 October 2023
රෝහලට පහර දුන්නේ නෑ - ඊශ්‍රායලය ගාසා තීරයේ අල් ආහිල් රෝහලට තමන් පහර නොදුන් බවත්, රෝහලට පහර දුන්නේ හමාස් සටන්කාමීන් බවත් ඊශ්‍රායලය පවසා තිබේ. 18 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026