(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කල්මුණේ ළමා නිවාසයක දී 15 හැවිරිදි දරුවකුට විකට් පොල්ලකින් සහ කොස්සකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාස පාලිකාව කිසිම වෘත්තීය සුදුසුකමක් නො ලැබූ අයෙකු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරිය අදාල පරිවාස නිලධාරිනිය පිට පාරෙන් අා කෙනෙක්දැයි සොයා බැලු බවත් නමුත් ඇය විභාගය සමත් වී තිබුනත් වෘත්තීය සුදුසු කමක් නැතැයි කීවා ය.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් ඉතා ඉක්මනින් රටපුරා පරිවාස නිලධාරීන් පුහුණු කිරීමට කටයුතු කරන බවද ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල්මුණේ ළමා නිවාස පාලිකාවට කිසිම වෘත්තීය සුදුසුකමක් නෑ
කලුමදේව දමිත් Monday, 04 December 2023 03:07 PM
නිවාස පාලිකාව හා පරිවාස නිලධාරි කියන්නේ තනතුරු දෙකක් කියලා මතක් කරන්න ඕනෑ... පරිවාස නිලධාරින්ට පුහුණුවක් දීම අත්‍යාවශ්‍යම දෙයක් වගේම නිවාස පාලක පාලිකාවන්ටද පුහුණුවක් දීමට කටයුතු කරන්න ඕනෑ...
Rata Perata Monday, 04 December 2023 03:17 PM
සාමාන්‍ය පෙළවත් සමත් නැති අය පාලනය කරන රටක මේවා ගැන මොන කතාද?
ගමේ එකාලා Monday, 04 December 2023 03:45 PM
දූෂිතයෝ, මාල හොරු, ආර්ථික ඝාතකයෝ, ගණිකාවෝ, කුඩු කාරයෝ, මැරයෝ පාලනය කරන රටක, ඉන්න උන්ගේ සුදුසුකම් දිහා බැලුවාම මේවා ඒ හැටි දේවල්ද?
අරවින්ද මොනරවිල Monday, 04 December 2023 05:05 PM
අනිවාර්‍ය්යෙන් මේවා සුදුසුකම් බලා දෙන තනතූරු නොවෙයි ඒනිසා යම්කිසි සිදුවීමක් වෙනතුර ක්‍රියා මාර්ග ගන්න බලාගෙන ඉන්නේ නැතුව කාලයෙන් කාලයට අදාල නීලධාරින් දැනුවත් කළයුතු බව, පුහුණු කළයුතු බව කායික හා මානසික සුදුසුකම් පරික්ෂා කළයුතු බව නොවැටහෙන නොතේරෙන බලධාරින් ඉන්න රටක මෙහෙම දේවල් සිදුවෙන එක පුදුමයක් නොවේ...
වීරසූරිය Monday, 04 December 2023 07:02 PM
මොනරවිල මහත්තයෝ ළමා නිවාස පාලක පාලිකාවන් ගන්න අධ්‍යාපන සුදුසුකම් අදාල පළාත් පරිවාස දෙපාර්තමේන්තුව නියමකර තියෙනවා. ඒත් හරියට කරන්න කිසිවෙකුට අමාරුයි... රැකියාවක් නැතත් බොහෝම දෙනෙක් ඔය තනතුරු ගන්න කැමැති නැහැ.. කෙනෙක් සොයාගන්න හරිම අමාරුයි. ඔබතුමා බලන්න ගෙදර දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා නම් කොහොමද කියලා... එහෙම තියෙද්දී දරුවෝ දහයක් විස්සක් කෙනෙකුට දෙන්නෙකුට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවාද? අනෙක පරිවාස නිලධාරින් හැටියට ගන්නේ සමාජ විද්‍යාව සම්බන්ධ උපාධිය සහිත අයගෙන් තමයි. ඒත් ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරින් නම් විභාග තියලා ගන්නේ නැහැ ඉන්නම පරණම කෙනෙකුට සුදුසුකම් නැතත් දෙනවා මේවැනි වැරැදි බොහෝමයක් වෙන්න හේතුවක් තමයි පළාත් මට්ටමේ බඳවා ගැනීම...
Asela Monday, 04 December 2023 06:26 PM
ගීතාට තියෙන සුදුසුකම් මොකක්ද? ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙන්න...
විපරමා Monday, 04 December 2023 11:33 PM
රටම දන්න එකේ ඔබතුමා නොදැන ඉන්න එකනේ පුදුමේ...?
pakeer Monday, 04 December 2023 09:35 PM
ඒ වුණාට මම නම් ඒ කාලේ ආසම නිළිය ගීතා...
Perera Tuesday, 05 December 2023 06:21 AM
පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගෙන් කීයෙන් කීදෙනෙක්ට ද හරි හමන් සුදුසුකමක් තියෙන්නේ ?