
( රංජිත් රාජපක්ෂ )
නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් අද (04) දින නායගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමගඅද (04) දින උදැසන 10.30 ට පමණ මෙම නායයාම සිදු වි ඇති බවත්, එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ධාවනය කිරිමේදි මාර්ගයේ බැවුම ප්‍රදේශයෙන් රථ වාහන ධාවනය නොකරන ලෙසට නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
තවද එම මාර්ගයේ තවත් ස්ථාන කිහිපයක් නායයාමේ සහ පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා රථ වාහන ධාවනයේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd