උසාවියෙන් කම්බි රෝල් පැන්නූ හොරා ගේට්ටුවේදී මාට්ටු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස නම් කර තිබුු තඹ කම්බි රෝල් කිහිපයක් සොරකම් කර හාල් උරයක බහා පලා යෑමට තැත් කළ පුද්ගලයෙක් අධිකරණ පොලිස් මුරපොළේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් අද (19) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. 19 October 2023
ආරවුලක් දුරදිග ගිහින් වෙඩි තියලා තිස්සමහාරාම කිරින්ද පුස්තොල මුල්ල ප්‍රදේශයේදී ඊයේ (19) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා දෙබරවැව රජයේ රෝහලට කර ඇති බව කිරින් ද පොලිසිය කියයි. 19 October 2023
හරක් කටාට-කුඩු සලිඳුට සුපිරි කෑම කන්න අවසර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සහ සළිදු මල්ෂක නොහොත් ‘පානදුරේ කුඩු සළිඳු’ යන අයට සුපිරි වෙළඳ සැලකින් ආහාර පාන ලබා ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (18) අවසර ලබා දුන්නේය. 19 October 2023
ත්‍රස්ත විරෝධී පනතට එරෙහි පෙත්සම විභාගයට නොගනියි ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීරණය කළේය. 19 October 2023
ඊශ්‍රායල පලස්තීන ගැටුම පිළිබඳ විවාදය හෙට ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුම නතර කර කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිමේ යෝජනාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය හෙට (20) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද (19) තීරණය කළේය. 19 October 2023
මැතිව්ස් - දුෂ්මන්ත ඉන්දියාවට පිටත් වෙති හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා අද (19) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව එන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිලධාරියෙක් පැවැසීය. 19 October 2023
දසුන් ඉන්දියාවේදී පුහුණුවීම් අරඹයි ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින් සිටියදී ආබාධයකට ලක්වීම නිසා නායකත්වයෙන් ඉවත් කළ දසුන් ශානක අද (19) නැවතත් පුහුණු වීම ආරම්භ කළේය. 19 October 2023
ණය ප්‍රශස්තකරණයට චීනයේ සහය ලැබෙයි ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සඳහා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් අමාත්‍ය ලියු කුං (Liu Kun) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය. 19 October 2023
නිවැසියන් සිරකර ලක්ෂ 200ක රන්-මුදල් කොල්ල කාලා මාදම්පේ තඹගල්ල ප්‍රදේශයෙ ව්‍යාපාරිකයකුගෙ නිවසට කඩා වැදුණ තියුණු ආයුධ සහිතව සිටි සොරුන් පිරිසක් එම නිවසේ හිමිකරුවන් කාමරයක සිර කර දමා රුපියල් ලක්ෂ 200 කට ආසන්න මුදල් හා රන් ආභරණ සොරා ගෙන ගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි. 19 October 2023
‘ලෝකෙ වටේ රස්තියාදු ගැහුවට ඩොලර් එකක්වත් ණය කපා ගෙන නෑ’ ලෝකයේ රටවල් වල රස්තියාදු ගැහුවාට රටේ විදේශ ණය වලින් එක ඩොලර් එකක් වත් තවම කපා ගෙන නැතැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 19 October 2023
’පොලිස්පති පත් කරන්නේ හරියට රීලෝඩ් දාන විදිහට අද පොලිස්පති සති දෙකෙන් තුනට පත් කරන්නේ ෆෝන් එකට රීලෝඩ් දාන ආකාරය යැයි ජාතික ජනබලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද(19) පැවසීය. 19 October 2023
තෙල් මිල වැඩි වන්නේ නැහැ ඛනිජ තෙල් මිල යළි වැඩි නොවන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(19) පැවසීය. 19 October 2023
පන්දාහේ හොර නෝට්ටු 5ක් සමඟ අයෙක් මාට්ටු එකම අංකය දැක්වෙන ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 05 ක් සමග සැකකරුවකු කතරගම කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම පොලීසිය වෙත භාර දී තිබෙි. 19 October 2023
කසිප්පු ගැන අයි.එම්.එෆ් එකට උගන්නන්න රටේ කසිප්පු කියා ජාතියක් තිබෙන බව අයි.එම්.එෆ් එකට කියා දිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 October 2023
කතානායකට පොපි මල් පළමුවන සහ දෙවන ලෝක සංග්රමයන්හි දී මෙන්ම පසුගිය තිස් වසරක පැවති යුද ගැටුම්වලදී දිවි දුන් රණවිරුවන් අණුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන පොපි සැමරුම නිමිත්තෙන් කථානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතාට පොපි මල් පැළැඳවීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුවිය. 19 October 2023
නාරම්මල මාරාන්තික අනතුරක් නාරම්මල අලව්ව මාර්ගයේ දම්පෑලැස්ස පාලම ආසන්නයේ දී පෞද්ගලික බසයක් පෙරළීමෙන් බසයේ ගමන් ගත් කාන්තාවක මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි නාරම්මල පොලිසිය කියයි. 19 October 2023
ඉපදී දින පහකින් බිළිදිය මිය ගිහින් බේරුවල චීන කොටුව කුච්චි මලේ ප්‍රදේශයේ පදිංචි මවකට මීට දින පහකට පෙර දාව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී උපන් බිළිඳියක් නිවසට රැගෙන ඒමෙන් පසු හදිසි අසනීප තත්ත්වයකින් එම බිලිඳිය මව සමග බේරුවල රජයේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි. 19 October 2023
කාර්ය මණ්ඩල ගිවිසුම තව දින කීපයකින් හරි තව දින කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමට හැකිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 October 2023
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ දෝෂ නිවැරදි කර නෑ ශ්‍රී ලංකාවේ යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ දෝෂ නිවැරදි නොවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කළේය. 19 October 2023
ජනපති හෙට චීන ජනපති හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් චීනයේ බීජිං නුවරදී හෙට (20) සිදු කිරීමට නියමිතය. 19 October 2023
සුනාක් ඊශ්‍රායලයේ ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට සහාය ලබා දෙන බව අවධාරණය කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණියේය. 19 October 2023
කොටින්ට පණ දෙන්න හැදූ විජයකලා නිදහස් එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව නිතිපති උපදෙස් ප්‍රකාරව කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය නිදහස් කිරීමට කොලබ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (19) නියෝග කලේය. 19 October 2023
මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති හතරකට අත්හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 19 October 2023
පාසල් සිසුවිය ඇඳ වැටි මරුට අතුරුගිරිය පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන දහ හතර හැවිරිදි පාසැල් සිසුවියකට හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි . 19 October 2023
ගාසා තීරයේ එකම පිළිකා රෝහලට ප්‍රහාරයක් ගාසා තීරයේ පිහිටි එකම පිළිකා ප්‍රතිකාර රෝහලට ද ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 19 October 2023
මාන්නප්පෙරුමගෙ අශෝභන හැසිරීමට කතානායකගෙන් දැඩි අවවාද පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වය අතර වාරයේ සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සෙංකෝලය අසලට පැමිණ ඊට අතින් තට්ටුවක් දැමීම නිසා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඔහුට දැඩි ලෙස අවවාද කළේය. 19 October 2023
බස්නාහිර අධ්‍යාපනය ගැන විගණන වාර්තාවක් කියයි බස්නාහිර පළාතේ 2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් (සියයට 31.5ක්) උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. 19 October 2023
කෙසෙල් කැබැල්ලෙන් මරුවා එයි ආහාරයට ගත් කෙසෙල් ගෙඩියක කුඩා කැබැල්ලක් පෙනහැල්ලේ සිරවීමෙන් ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි . 19 October 2023
පාර්ලිමේන්තුව නොසන්සුන් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කරන ලද කාලය ඉක්ම ගොස් ඇතැයි කියා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පිළිතුරක් සභාගත කිරීමෙන් පසු පක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කරමින් ඝෝෂා කිරීම නිසා පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් ඇති විය. 19 October 2023
’’භූ ගොවියා’’ ජනගත කරයි මෙරට කෘෂිකාර්මික ක්ෂෙත්රයේ තාක්ෂණික විප්ලවයක් සිදු කරමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සකස් කරන ලද භූ ගොවියා (Geo Goviya) තොරතුරු පද්ධතිය සහිත යෙදවුම ජනගත කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සිදු විය. 19 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026