IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගුරු විදුහල්පති උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

(රෝෂන් තුෂාර)

ගුරු විදුහල්පති සමිති සම්මේලනය ඇතුළු ගුරු සංගම්  පොල්දූව මංසන්ධියේ අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ලෙස පැවැත්වීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල  මහතා අද (05) පෙරවරුවේ නියෝගයක්  නිකුත් කළේය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම යන ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙමඋද්ඝෝෂණය සංවිධානය කර තිබිණි

වැලිකඩ පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාද මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ අදාළ නියෝගය මහජන පීඩාවන් වැලැක්වීමට  හා කලහ කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හැසිරීම වැළැක්වීමට පමණක් නිකුත් කරන බව ය .

අද දින පාර්ලිමේන්තුව රැස්වන දිනයක් බැවින් ඉල්ලීම් හයක් මුල්කරගනිමින් මෙම ඉල්ලීම කළේය .

ගුරු විදුහල්පති සමිති සම්මේලනයේ ලේකම් ජෝසප් ස්ටාලින් ,ලංකා ගුරු සේවයේ සමිතියේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ,සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් පඤ්ඤාසාර හිමි ,ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ලේකම් මොහාන් වීරසිංහ ,විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් ප්‍රේමතිලක ,ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර ,ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම් මයුර සේනානායක,ස්වාධීන අධ්‍යාපනය සේවක සංගමයේ සේවක සංගමයේ සභාපති ජගත් ආනන්ද සිල්වා යන විත්තිකරුවන්ට  මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )



අදහස් (4)

ගුරු විදුහල්පති උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

Lal Tuesday, 05 December 2023 11:22 PM

තමුසෙලා දැන් කෑ ගහල වැඩක් නෑ... පුරුදු විදියට තුවක්කු ටික අරගෙන වැඩේ පටන් ගමු .... අපි JVP

:       2       1

Bamunuarachchi Wednesday, 06 December 2023 07:42 AM

වැලි සහිත වතුර ගැසුවොත් මොවුන්ව sand blast කරන්න පුළුවන්. කළු උන්දැලා සුදුවෙලා ගෙදර යයි. අපි මෙහෙම කියන්නේ ගුරුසිත් රිදවන්න නොවෙයි ඔතන ඉන්න ඉස්ටාලින් අමරසිංහ වැනි JVP අංකුරයෝ ඔබලාගේ පිටින් JVP ය බලයට ගෙනෙන්න උත්සාහ කරන නිසයි. රට බංකොලොත් වෙලා ඇති මොහොතේ මේ කාලකන්නි JVP කාරයෝ හදන්නේ බොරදියේ ගුරුවරු බාගන්නයි.

:       3       2

fairoosWednesday, 06 December 2023 02:21 PM

බමුණා වගේ අය ඉන්නකන් රටට අබ සරණයි.

:       1       0

Bamunuarachchi Wednesday, 06 December 2023 04:58 PM

මොකද අද මස්කඩේ වහලාද? අපේ රට හදන්න යන්නේ ගම්මිරිස් හොයන්න ආපු හම්බ සෙට් එක...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site