(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සියලුම භාණ්ඩ වැට් බද්දට යටත් කෙරෙනු ඇතැයි තමාට දැනගන්නට ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත් සහ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස තමා මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙසේද පැවසීය.
වැට් තීරණය කරන්නේ මුදල් අමාත්‍යාංශය. මෙතෙක් වැට් නැති භාණ්ඩවලටත් වැට් වැටෙනවා. ඉරිදා මේ ගැන විවාදය තියෙනවා. එතනදි මේ ගැන සැක හැර දැනගන්න පුළුවන්. මට දැනගන්න තියෙන විදිහට නම් වැට් බද්ද සියලුම භාණ්ඩවලට අය කෙරෙනවා. ඒ අය කියන විදියට. නමුත් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ සඳහා ඒ බද්ද ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළා.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැට් බද්ද සියලු භාණ්ඩවලට
Rata Perata Tuesday, 05 December 2023 05:44 PM
රටේ වැදගත් තීරණ සාමූහිකව ගන්න බවක් පෙනෙන්නේ නෑ .ඒත් මේ අපතයෝ තවම මේ තනතුරු එල්ලිලා ඉන්නවා තන්හාවට
G. K. Ekanayake Wednesday, 06 December 2023 12:32 AM
සුසිල් දෙල්කඳ පොලේ ගිහින් අනාගත්තා වගේ වෙයිද?