(රංජන් කස්තුරි)
මේ වසර තුළ පමණක් විදුලි ගාස්තු තෙවතාවක් ඉහළ නැංවීම නිසා මෙරට ආර්ථික අර්බුදය තීව්‍ර වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පැමිණ කරුණු ඉදිරිපත් කරන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් සහ එම කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හෙට (7) උදේ 10ට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයිද එම කාරක සභාවේ ලේකම් වරයා දැනුම් දී ඇත.
මේ වසරේ අවසන්වරට විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ නැංවූ අතර ඉකුත් ඔක්තෝබර් මස 20 වැනි දින සිට නව ගාස්තු ක්‍රියාත්මක කෙරිණි.
මීට මාස කිහිපයකට ඉහත දී ද විදුලි ගාස්තු 35% කින් සහ 68% කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත් අතර ඊට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරය හිමිව තිබිණ.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙවරක් විදුලි බිල නැංවුවාට කරුණු විමසන්න යයි
රංබොඩ Wednesday, 06 December 2023 11:26 AM
වැඩිය ඔවා හොයන්න එපා. ලොක්කා කට්ටියම ගෙදර යවයි.
අරවින්ද මොනරවිල Wednesday, 06 December 2023 12:29 PM
තවත් එක ටෙලි ඩ්‍රාමා එකක් ඇරඹෙන්න යන වගයි.
fairoos Wednesday, 06 December 2023 12:36 PM
මෙවරත් පොහොට්ටුවන්ටම ඡන්දය දෙමු...
Rata Perata Wednesday, 06 December 2023 12:56 PM
අපේ සල්ලි කන තව සංදර්ශනයක්. හිටපු සභාපති වැඩි කරන්න අවසර දුන්නේ නෑ කියලා ගෙදර යැව්වා. දැන් ඉන්න මිනිස්සු වැඩිකරන්න අවසර දුන්නා කියලා ප්‍රශ්න අහනවා. පේනවා නේද මේක කිසිම පාලනයක් නැති ඔහේ පාවෙන ආණ්ඩුවක් කියලා. රනිල් කියන්නේ අදක්ෂ දුර්වල මනුස්සයෙක් කියන එක ගැන අලුතෙන් හිතන්න දෙයක් නෑ...!
Rohana Wednesday, 06 December 2023 02:32 PM
විදුලිබිල වැඩිකළා මදිවට වැඩිකිරීමට වගකිව යුතු කට්ටියම වැඩිකළේ ඇයි කියලා එයාලගේම කොමිටියට කැඳවලා ප්‍රශ්න කිරීමේ නොහොත් ජනතාව ගොනාට ඇන්දවීමේ වැඩපිළිවෙලයි මේක...
PATTA hora Wednesday, 06 December 2023 03:01 PM
වෙස් මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ.. යකෝ මේ අය දැන්නේ ඇහැරිලා තියෙන්නේ...
පිටරැටියා Wednesday, 06 December 2023 03:39 PM
ජනතාව අපහසුතාවට පත්කරන දූෂිත දේශපාලුවෝ ඉන්න රටක්... අපි ඔය දැක්කාමයි...!