සජිත්ගෙන් පලස්තීනයට ඊශ්‍රායලයට ඉල්ලීමක් මිනිස් සංහාරය නැවැත්වීමට කටයුතු කරන්නැයි ඊශ්‍රායලයෙන් සහ පලස්තීනයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 17 October 2023
දැරියන් දෙදෙනකුගේ සිරුරු වහළයේ එල්ලෙයි කිලිනොච්චිය පෙරියපරන්තන් ප්‍රදේශයේදී 17 හැවිරිදි දැරියන් දෙදෙනකු සිය නිවස තුලදී ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී සිරුරු දෙකක් ඊයේ (16) දින හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. 17 October 2023
මෛත්‍රීගෙන් කතානායකට පැමිණිල්ලක් ප්‍රශ්න ඇසීමේ වාරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද(17) පැවසීය. 17 October 2023
සමාජ මාධ්‍ය නියාමන පනතට එරෙහිව පෙත්සම් 34 ක් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ( සමාජ මාධ්‍ය නියාමන) සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් 34ක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය. 17 October 2023
මහජන පැමිණිලි නොතැකූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී මහජන පැමිණිලි නොසලකා හැරිය පොලිස් නිලධාරීන් 9 දෙනකුට චෝදනා පත්‍ර ලබා දී ඇති බවත්, තවත් 19 දෙනකුට අවවාද පත්‍රිකා ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 17 October 2023
අලි සහීර් දිවුරුම් දෙයි නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රීධූරය සඳහා පත් කෙරුණු අලි සහීර් මවුලානා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද(17) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 17 October 2023
’ලෝකෙ ගණන් ඉස්සුවත් ලංකාව පරණ මිලටම යූරියා දෙනවා’’ ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල ඉහල ගියද මෙරට ගොවීන්ට ලබාදෙන යූරියා පොහොරවල මිල ඉහල නොදැමීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 17 October 2023
වැලිකඩ පෞද්ගලික ආයතනයකට වෙඩි ප්‍රහාරයක් වැලිකඩ පරණ කෝට්ටේ පාර ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට යම් කිසිවකු විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වැලිකඩ පොලිසිය පවසයි. 17 October 2023
සැමියාගේ පහරකෑමෙන් බිරිය මරුට යාපනය නාවට්කුලි ප්‍රදේශයේ දෙදරු මවක් පහරකෑමකින් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. 17 October 2023
ඇමෙරිකා ජනපති බයිඩන් ඊශ්‍රායලයට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හෙට (18) ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බයිඩන් ඊශ්‍රායලයට පැමිණෙන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව යුද වදින ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවන බව පෙන්වමිනි. 17 October 2023
පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් පෑගි කාන්තාවකට තුවාල පුපුරණ ද්‍රව්‍ය අඩංගුකොට සකස් කරන ලද හක්කපටස් වැනි කුඩා පාර්සලයක් පෑගී පුපුරායාමෙන් කඳපොල, කොංකෝඩියා වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් තුවාල ලබා ඇතැයි කඳපොල පොලීසිය පවසයි. 17 October 2023
අනිසි චෝදනාකර මුදල් ලබාගත් පී.සී ගෙදර දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ගංජා ජාවාරමක නිරතව සිටින බවට චෝදනා කර වූ බියට පත් කර රුපියල්74,000 මුදලක් සහ රිදී අත් පළඳනාවක් බලහත්කාරයෙන් ලබාගත් බව කියනපොලිස් කොස්තාපල්වරයෙකු දෙහිවල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 17 October 2023
දිසා විනිසුරු ගමන්ගත් කාරයට පුද්ගලයෙක් ගැටෙයි ත්‍රිකුණාමලය දිසා විනිසුරුවරයා රැගෙන ගමන් කරමින් තිබූ අධිකරණ අමාත්‍යාංශයට අයත් කාර් රථයේහැට හැවිරිදි පුද්ගලයෙකු ගැටී තුවාල ලැබීම සම්බන්ධයෙන් සැකපිට එම කාර් රථය පදවාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයා නැදුන්කර්නි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 17 October 2023
මිල්ලගස්පිටිය වැවේ බැම්ම කඩා වැටේ කවුඩුල්ල වනජීවි කලාපයට අයත් කන්තලේ පේරමඩුවට සිමාවි ඇති මිල්ලගස්පිටිය වැවේ වැව් බැම්ම කැඩිගිය බව ප්‍රදේශවාසීන් පවසයි. 17 October 2023
වැස්ස තවත් වැඩි වේ අන්තර නිවර්තන අභිසාරි කලාපය (උතුරු අර්ධගොල්යේ සහ දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරි වන කපාලය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින නිසා දැනට පවතින වැසි තත්ත්වය වැඩිවීමක් බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 October 2023
විශේෂඥ වෛද්‍යවරියගේ රන්මාලය කඩාගෙන පැනලා ගාල්ල කරාපිටිය මහ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකගේ ගෙල පැලැඳ සිටි රන් මාලය කඩාගෙන පලාගොස් ඇතැයි ගාල්ල මූලස්ථාන පොලීසිය පවසයි. 17 October 2023
250 ක් හමාස් ග්‍රහණයේ හමාස් සංවිධානයේ ‘ක්වසාම්’ බලඇණිය පවසා ඇත්තේ ඔවුන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායලයෙන් අල්ලා ගත් 250 ක පිරිසක් සිටින බවය. 17 October 2023
රුසියන් ජනපති පුටින් ඊශ්‍රායල අගමැති අමතයි ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ආරම්භ වුණු යුද ගැටුම් අවසන් කරමින් දේශපාලන විසඳුමකට යෑමට තමන් සහාය ලබා දීමට සුදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. 17 October 2023
ඕස්ට්‍රේලියාව කඩුලු 5කින් ශ්‍රී ලංකාව පරදවයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි තරඟය ලෙස ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16) පැවති තරඟයේදී ඕස්ට්‍රේලියානු පිල කඩුලු 5 කින් ශ්‍රී ලංකාව පරාජය කළේය. 16 October 2023
ජනක රත්නායක මරන්න කොන්ත්‍රාත්තුවක්? මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු වු ජනක රත්නායක මහතා ඝාතනය නො කිරීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය 16 October 2023
හෙරොයින්වලට ඇල්ලූ කතක් පොලිසියේ ඇස් වසා පැන ගිහින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන කුරුණෑගල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා භාර දී තිබූ කාන්තාවක අද (16) උදෑසන පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කරයි. 16 October 2023
‘‘බඩගොස්තරවාදී දේශපාලනය රටින් තුරන් කරනවා‘‘ දූෂණය වංචාව ඉහවහ ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත් බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරා කන අන්ත දුෂිත තත්ත්වයක් මතුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 16 October 2023
රෝහල් ලේකම්ට පාට් දැමූ සුළු සේවකයා අල්ලයි අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ රෝහල් ලේකම්වරයාට අසභ්‍ය වචනයෙන් බැන වැදී පහර දී ඔහුගේ බිරිඳ සහ දරුවන්ට මරණීය තර්ජනය කළේ යැයි කියන එහි සුළු සේවකයකු මුල්ලේරියාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 16 October 2023
උණෙන් බේරෙන්න වයඹ සරසවියේ මාකඳුර පිඨය සතියක් වහයි වයඹ විශ්ව විද්‍යාලයේ මාකඳුර පරිශ්‍රයේ සිසුන් අතර පැතිරී යන උණ, වමනය සහ පාචනය යන රෝගී තත්වය පාලනය කිරීම සඳහා අද සිට සතියක් වසා තැබීමට තීරණය කළ බව වයඹ විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී චිත්‍රානන්ද වීරසේකර මහතා පැවසීය. 16 October 2023
හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා දිවියට සමු දෙයි ශ්‍රී ලංකා පොලිසියේ 30 වන පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත. 16 October 2023
පීලි පැන්න දුම්රිය යථා තත්ත්වයට උඩරට මාර්ගයේ හපුතලේ හා දියතලාව අතර අද පෙරවරුවේ පීලි පැනීමට ලක්වූ දුම්රිය පස්වරු 5.00ට පමණ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 16 October 2023
ශ්‍රී ලංකාව ලකුණු 209 කට දැවීයයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 43.3 ලකුණු 209 කට සීමා විය. 16 October 2023
තාප්පයක් කඩා වැටී දස හැවිරිදි සිසුවෙක් රෝහලේ විජේරාම හන්දියේ පිහිටි මහරගම ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය අසළ අනාරක්ෂිත මායිම් තාප්පයක්අද (16) දා දහවල් 12 .30 ට පමණ කඩා වැටීමෙන් එම පාසැලේ ඉගෙනුම ලබන දස හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි . 16 October 2023
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වර්තමාන ආණ්ඩුවට ජන මතයක් නැහැ වර්තමාන පාර්ලිමේන්තුවේ ජනමතය විකෘති වී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට නම් නව ජනමතයක් අවශ්‍ය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හා මැතිවරණ ක්රමයේ වෙනස්කම් කරන්නේ මහජනතාවගේ සුබ සිද්ධිය පතා නොව ආණ්ඩුවේ මැතිවරණ භීතිකාව නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (16) පැවසීය. 16 October 2023
කෝටි 10ක මත්ද්‍රව්‍ය තලේමන්නාරමෙන් අල්ලයි රුපියල් කෝටි 10 ට ආසන්න වටිනා අයිස්, හොරොයින්, හා හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදි තලේමන්නාරම ඌරුමලේ වෙරළ තීරයේ දී ඊයේ (16) අලුයම අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 16 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026