IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’’සතුරා සිටින්නේ දොරටුව අභියස’’

(අංජුල මහික වීරරත්න)

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර COP28 සමුළුවේ දී එළැඹිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මෙය කිසිසේත් කල් මරමින් සිටිය නොහැකි අතර සතුරා සිටින්නේ දොරටුව අභියස බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 ප්‍රධාන සමුළුව රටවල් 54ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්  ඩුබායිහි එක්ස්පෝ සිටිහිදී ආරම්භ කෙරුණු අතර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. 

පස්වැනි ආසියා පැසිෆික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදයේදී එකඟ වූ පරිදි, දේශගුණික යුක්ති සංසදය පිහිටුවීම සඳහා 2024 පෙබරවාරි 6 වන දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට ශ්‍රී ලංකාව යෝජනාවක් ඉදිරිපත් කරන බවත් එම දේශගුණ යුක්ති සංසදය දේශගුණික විපර්යාස අවම කර ගැනීම පිළිබඳ නිර්මාණාත්මක සහ ක්‍රියාශීලී මැදිහත්වීම් සඳහා වේදිකාවක් සපයනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (13)

’’සතුරා සිටින්නේ දොරටුව අභියස’’

Rata Perata Saturday, 02 December 2023 02:00 PM

දොරටුව අසල නෙවෙයි... නිල නිවසේ ඉන්නේ... රටේ වාසනාවට තව මාස කීපයකින් සතුරා ගෙදර...!

:       14       31

රංබොඩ Saturday, 02 December 2023 02:31 PM

ජාතියේ සතුරා නම් තක්කඩින්ගේ අතේ එල්ලිලා රජ පුටුවට ගොඩවුණා. අනෙක් සතුරෝ ගැන නම් එච්චර දැනුමක් නෑ... මොකද විදුලිබිල ඇවිල්ලා මොළේ හොල්මන් වෙලා ඉන්නේ..!

:       5       23

Dharmatileke Saturday, 02 December 2023 02:48 PM

දැන් නම් සතුරා ඉන්නේ ඩුබායිවල... ඕනෑ තරම් හිටියට කමක් නෑ...

:       5       21

Ruwan Saturday, 02 December 2023 03:02 PM

ඔබලාට වඩා සතුරෙක්... කොහෙද රටේ ජනතාවට.. තොලොන්චි වෙන්නේ කවද්ද කියහන්කෝ...?

:       5       21

Lakmal Saturday, 02 December 2023 03:03 PM

රටේ වාසනාවට සතුරෝ සෙට් එක එන ප්ලේන් එක කඩන් වැටුණොත් රට ටිකක් හරි ගොඩ..

:       5       20

Amal Saturday, 02 December 2023 03:47 PM

රටේ සහ ජාතියේ සතුරා දැන් සිටින්නේ ඩුබායිවල බවත්, මෙය කිසිසේත් කල් මරමින් සිටිය නොහැකි බවත්, රටේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් ජනතාවට කඩිනමින් ක්‍රියාත්මක වී, තීරණාත්මක එකඟතාවට එළැඹ, දියවන්නාවේ කාලකන්ණි පොතක අපතයින් 226 ම මීළඟ මැතිවරණයේදී සදහටම ගෙදර යවන්න ඕනෑ...!!!

:       2       16

සමන් Saturday, 02 December 2023 04:02 PM

⁣හොරු ටික විතරයි, අඹුව ගෙනිහිල්ලා නෑ වගේ...! 

:       1       15

sachith Saturday, 02 December 2023 05:44 PM

කවුද? සාගලද?

:       1       10

සමන් Saturday, 02 December 2023 07:16 PM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ...!

:       0       1

PATTA hora Saturday, 02 December 2023 07:38 PM

ලියන්න දෙයක් නෑ කට්ටිය ඔය සහ සුද්දෙන්ම, ජං පිනා ගැන ලියලා තියෙනවා. අනුන්ගේ ඇඟේ තියෙන කුණු බිංදුව පෙන්නන එකාට එයාගේ ඇහේ තියෙන පොල් පරාලෙ පේන්නේ නෑ...

:       0       1

විජේ Sunday, 03 December 2023 03:11 AM

එතකොට ඔයා මිතුරා, යන්න ලොක්කා පී කතා නොකියා... මිතුරි පාවිච්චි නොකරපු කරුමේ තමයි මේ...!

:       0       2

Rocky Sunday, 03 December 2023 07:26 AM

සමන්... ඒත් වැඩ බලන අඹුව ගෙනියන්න ඇතිනේ...! 

:       0       2

Perera Sunday, 03 December 2023 11:56 AM

සතුරා වැඩබලනවා මේ දවස්වල, පරිස්සමෙන් ඉන්න...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site