IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුවේ වලි දාගත්ත තිදෙනාටම මසක තහනම සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි රාජ්‍ය ඇමතිනි  ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහන බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට  තහනම් කිරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව කළ නිර්දේශය වැඩි ඡන්ද 56 කින් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ සම්මත විය.

එම නිර්දේශයට පක්ෂව ඡන්ද 57 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

විරුද්ධව ඡන්දය ලබා ලබාදුන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා ය.

මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මෙසේ ඡන්දය දීමෙන් වැළකී සිටියේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය විදුර වික්‍රමනායක සහ චින්තක අමල් යන මහත්වරුන්ය.

ඡන්දය විමසන  අවස්ථාවේදී සමග ජන බලවේගයේ  මන්ත්‍රීවරු   පිටව  ගියහ



අදහස් (6)

පාර්ලිමේන්තුවේ වලි දාගත්ත තිදෙනාටම මසක තහනම සම්මතයි

මොහොට්ටාල Saturday, 02 December 2023 12:06 PM

සජබ ඩයනාගේ තහනමට පක්ෂව ඡන්දය දෙන්නත් අනෙක් දෙදෙනාට විපක්ෂ වෙන්නත් ඕන අන්තෝ ජටා බහිජටා කියලා බැහැලා ගිහිල්ලා ඇත්තටම සජබ කට්ටියට කශේරුකා නැද්දෝ කියලා හිතෙනවා.. ඒකෙනුත් වෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට අයවැය සඳහා විපක්ෂ ඡන්ද දෙකක් නැතිවීම තමයි...!

:       1       4

Dharmatileke Saturday, 02 December 2023 02:50 PM

මිරිස් කුඩු කාරයින්ට මොකද වුණේ?

:       0       7

රට පෙරට Saturday, 02 December 2023 04:15 PM

ධර්මතිලක හරි, මේ තිදෙනාම ගහගෙන කටවල් මිරිකාගෙන නාඩගමක් කලේ පාර්ලිමේන්තුවේ රැස්වීම් ශාලාවෙන් පිටතදී. ඒත් රටේ උත්තරීතර කියන පාර්ලිමේන්තුවේ රැස්වීම් ශාලාවේ රාත්‍රියේ කෑගහලා හූ කියන සත්තුන්ටත් අන්තව හැසිරෙන අය ගැන කිසිම දඬුවමක් නැහැ.. මෙතැන කාන්තා හිංසාවක් වුණා.. එයට වඩා කාන්තා හිංසා රැස්වීම් ශාලාවේම සිදුවුණා. ඒ අතර කෙනෙක් කතා කරද්දී ඝෝෂා කරන අයට කිසිම දඬුවමක් දකින්නට නැහැ. කලකට පෙර කතානායක පුටුවේ මිරිස් කුඩු හැලුවා. වතුර දැම්මා මයික් කඩලා දැම්මා. සෙංකෝලය ගෙන ගිය කාලවල් තිබුණා. මිනීපෙට්ටි රැස්වීම් ශාලාවට ගෙනාවා කියලා අහලා තියෙනවා. එම වැරැදි වලට වඩා මේ තිදෙනාගේ නාඩගම ලොකුවට අරගෙන කියලා පේනවා...

:       1       3

Sharm Saturday, 02 December 2023 08:03 PM

ඔය අංගනාවට ඔය ගොඩනැගිල්ලට පය ගහන්නවත් අයිතියක් නෑ කියලා කියන්න කවුරුවත් නැද්ද?

:       0       0

Praba Saturday, 02 December 2023 08:08 PM

ඇයි අද පාර්ලිමේන්තුවේ ඇත්තටම වෙච්චි දේ කියන්නේ නැත්තේ...?

:       0       0

Ybjayas @gmai.com Sunday, 03 December 2023 11:39 AM

මාසයක තහනම දඬුවමක්ද? මේ අය ගන්නා ජනතාවගෙන් වන්දි ගෙවන රුපියලක් ගානේ අපව විනාශයට ඇද දමන සියලුම අමනයින්ට සහ අමනියන්ට, ශාපවේවා... ශාපවේවා... ශාපවේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site