IMG-LOGO

පාලිකාව 17 හැවිරිදි දරුවා මරලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී ඝාතනය කළේ යැයි කියන එම ළමා නිවාසයේ 28 හැවිරිදි වියේ පසු වන පාලිකාව  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ ඝාතනය කර ඇත්තේ මඩකලපුව කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි ඒ.ටී දර්ශන නැමැති ළමයෙකි.

හොරකමක්ට සැකපිට අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබු නියෝගයක් අනුව මෙම ළමයා කල්මුනේ ප්‍රදේශයේ පිහිටි මෙම ළමා නිවාසයේ රඳවා තබා සිට ඇතැයි පොලිසිය කියයි.

මෙම ළමයා ගේ මුරණ්ඩුකම් මට්ටු කිරීමටයැයි කියා පොලුවලින් පහර දී තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි හෙලිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.



අදහස් (3)

පාලිකාව 17 හැවිරිදි දරුවා මරලා

Siri Abeygoonaratne Sunday, 03 December 2023 08:29 AM

තිරිසන්නු...!

:       0       16

Pradeep Sunday, 03 December 2023 09:55 AM

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ.. නොසැලකිලිමත් ලෙස වගකීමක් නැති ආයතනයක් වෙත ළමයාගේ භාරකාරත්වය පැවරීම මගින් අධිකරණය ඉතාමත් නොසැලකිලිමත් ලෙස වගකීමකින් තොරව කටයුතු කිරීම නිසා මේ අපරාධය සිදු වී ඇති බව පේනවා. සාධාරණ පරීක්ෂණයක් තුළින් යුක්තිය ඉටුවිය යුතුයි...!

:       0       35

සුන්දරාSunday, 03 December 2023 12:51 PM

ප්‍රදීප් හරි මියගිය ළමයා ළමයෙක් කිව්වාට තරුණයෙක් හොරෙක් වීමට අංකුර තත්වයේ සිටින අයෙක් සාමාන්‍යයෙන් මෙවැනි අය ළමා නිවාස නොවෙයි, රැඳවුම් නිවාසවලට තමයි යොමුකරන්නේ මේකට ප්‍රදේශයේ පරිවාස නිලධාරි නිර්දේශ අනුව අධිකරණ තීන්දුව ගන්න නිසා පරිවාස නිලධාරින් වගකිවයුතුයි කියන්න පුළුවන්... මෙහෙම තරුණයෝ රැකබලා ගන්න තරම් ළමානිවාස පාලිකාවන්ට හැකියාවක් නැහැ. ඒ ගැන අවධානයට යොමුවේවා..!

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 653 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site