IMG-LOGO

සරසවි සිසුහු පිරිසක් හන්තාන කඳු මුදුණේ අතරමං වෙති

(ගයාන් සූරියආරච්චි සහ ජේ.එ.එල්. ජයසිංහ)

හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගොස් අතරමං වූ කලණිය විශ්ව විද්‍යාලයේ සහ රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත වෙමින් සිටින බව මහනුවර මූලස්ථාන පොලිසිය ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා පවසයි.

සිසුන් 180 පමණ හන්තන මූලික අධ්‍යයනය ආයතනය ප්‍රදේශයෙන් හන්තාන කඳුවැටිය කඳු වැටිය තරණය කිරීමට අද උදෑසන ගමන් කර තිබූ බව පොලිසිය පවසයි.

සිසුන් 180 ගෙන් එකසිය පනස් දෙනෙකු පමණ මහනුවර පොලිසියේ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව බේරාගෙන ඇති බව පොලිසිය පවසයි.

හන්තාන කන්ද තරණය කර සවස් කාලයේ නැවත පැමිණීමේදී අධික මීදුම වැස්ස සහ කළුවර හේතුවෙන් සිසුන්ට පාරවල් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසයි.

අතරමං වු අනෙක් සිසුන් සොයමින් මෙහෙයුම් තවදුරටත්සිදුකෙරෙමින් පවතින බව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා පවසයි.

 



අදහස් (6)

සරසවි සිසුහු පිරිසක් හන්තාන කඳු මුදුණේ අතරමං වෙති

Samarakoon Sunday, 03 December 2023 04:37 AM

මේක නාඩගමක් බවට පත්වෙලා දැන්... යොබ්බන මදය විතරයි. ප්‍රඥාවක් ගෑවිලාවත් නැහැ. කාලය, මාර්ගය, දිශාවන් නිර්ණය නොකර හරක් රැළක් වගේ නොදන්නා කාලෙකට ඔහේ රිංගනවා... හොඳ වැඩේ...

:       3       6

Lal Sunday, 03 December 2023 06:15 AM

දැන් ඉතින් අට පාස් අයට කියන්න බේරගන්න කියලා..

:       4       5

සුපුන් චාමර Sunday, 03 December 2023 08:30 AM

මෙම සටහන තබන්නේ කිසිසේත් අපහාසයට නොවේ. මෙම සරසවි සිසුන් පාරවල් වල උද්ඝෝෂණ කරනකොට දකින දෙයක් තමයි හමුදාවට සහ පොලිසියට ඉතාමත් නින්දිත ලෙස අමතන එක. හමුදාවට එරෙහිව ඔවුන්ගේ ප්‍රධානම සටන් පාඨය වන්නේ 8 පාස් යන්නයි. නමුත් අද වුනේ මොකක්ද? හමුදාව නැති වුණා නම් ඔවුන්ගේ ජීවිත සියල්ල අනතුරේ නේද? මේකෙන්වත් පාඩමක් ඉගෙන ගන්නවා නම් හොඳයි. හමුදාවට අණදීම සඳහා පාලකයින් පත්කරනුයේ මේ රටේම ජනතාව බවත්... එම අණට එරෙහිව යාමට ‍හමුදාවට නොහැකි බවත්. එබැවින් සුදුසු පාලකයෙක් පත් කරගැනීම රටේ ජනතාවගේ වගකීමක් බවත්. හමුදාවක් අවශ්‍ය නැති බවට පම්පෝරි ගසන පිරිසට මේක හොද පාඩමක් බවත්ය...

:       5       7

සුදර්ශන Sunday, 03 December 2023 12:51 PM

ඇත්ත...! 

:       1       2

නිමල් Sunday, 03 December 2023 12:52 PM

හන්තානේ ගිහින් මීට කලිනුත් කීප වතාවක් මේ දේම වුණා නේද? කැම්පස් ළමයින්ට...? පරණ ක්‍රමේට කොළ අත්තක් කඩලාවත් මඟ සලකුණු කරමු මීට පස්සේ, ඔය GPS MAP පැත්තකට දාලා...!

:       1       4

Gauri Monday, 04 December 2023 12:13 PM

දැන් තේරෙනවද 8 පාස් ආමි කාරයා කියන මේ වගේ උගතුන්ට 8 පාස් එක නැතිව හුස්මක් ගන්නත් බෑ කියලා.. 8 පාස් එක නැතිනම් මොවුන් ආසන යට... ඇඳිවතත් තෙමාගෙන...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 652 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site