වැඩිමල් සොහොයුරු බාල සොහොයුරු මරලා වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කිරුලපන පොලීසිය කියයි. 16 October 2023
මහපොළ ප්‍රදර්ශනය වසර 14 කට පසුව ජාඇළදී මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ආරම්භ කළ මහපොළ අධ්‍යාපනික සහ වෙළෙඳ ප්‍රදර්ශනය වසර 14 කට පසුව නැවත ආරම්භ කිරීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 16 October 2023
විකාශ අධිකාරී පනත ගැන වජිරගෙන් හෙළිදරව්වක් මිනිසුන් මිනිසුන්ට අපහාස කිරීම, බොරු චෝදනා එල්ල කිරීම වැලැක්වීම නව විකාශන අධිකාරී පනත වන ’’මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ’’ ප්‍රධාන අරමුණ බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 16 October 2023
අහක යන මිසයිලයක් වැටෙන තුරු පිරිසක් බලා ඉන්නවා ඊශ්‍රායල,පලස්තීන න යුද්ධයෙන්ශ්‍රී ලංකා ආර්ථිකය වැටෙනතුරු පිරිසක් සතුටින් බලා සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 16 October 2023
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකිරීම ගැන විශේෂ පරීක්ෂණයක් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත. 16 October 2023
මීරියබැද්දේ පවුල් 49ක් බලෙන් ඉවතට හල්දුම්මුල්ල කොස්ලන්ද මිරියබැද්ද පැරණි නාය ගිය ස්ථානය දෙපස නාය අවදානම් කලාපයේ සිටින ජනතාවට ඉවත් වීමට දැනුම් දී ඇතත් එම නිවේදනය නොසලකා තවදුරටත් එහිම රැඳී සිටින පවුල් 49 අද (16) පොලිසිය ද මැදිහත් කරගෙන ඉවත් කිරීමේ කටයුතු සිදු කරන බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගනී මහත්මිය කීවාය. 16 October 2023
අ’පුර රෝහලේ විස්මිත සැත්කමක් රෝගියෙකු නිර්වින්දනයට ලක් නොකර අවදියෙන් සිටියදීම එම රෝගියාගේ මොළයේ තිබූ ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පසු ගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය මගින් සාර්ථකව සිදු කෙරුණි. 16 October 2023
සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය 16 October 2023
කිව්.ආර්. ක්‍රමවේදය යළි ගේන්නේ නෑ මෙරට තුල ඉන්ධන බෙදා හැරීම සඳහා නැවත කිව්.ආර්. ක්‍රමවේදය හෝ වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (16) පැවසීය. 16 October 2023
විදුලිය පිලිබඳ නව තොරතුරු කොමිසම ලවිමෙන් ඉල්ලයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහල දැමීමට යොමුකළ තොරතුරු මේ වන විට පවතින තත්වය සමග නොගැලපෙන බවත් යාවත්කාලීන කළ තොරතුරු මේ මස 18 වැනිදාට පෙර යොමු කළ යුතු බවත් මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරියවරයාට ලිඛිතව දැනුම්දී තිබේ. 16 October 2023
අල්ලස් කොමිසමට අයදුම්පත් කැඳවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත්කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අයදුම්පත් අද (16) කැඳවනු ලැබීය. 16 October 2023
යාපනය ජනාධිපති මන්දිරය බදු දෙන ගිවිසුම අත්සන් කරයි යාපනය කන්කස්නතුරේ ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවති ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීම සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී අද (16) සිදුවිය. 16 October 2023
ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. 16 October 2023
චැනල් ෆෝ චෝදනාව ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද වැඩසටහනෙන් එල්ල කෙරෙන චෝදනා විමර්ශන කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයිවූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබ ඇත. 16 October 2023
දියතලාව - හපුතලේ අතර දුම්රියක් පීලි පනී බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (16) පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා පිටත් වූ සීඝ්‍රගාමී දුම්රිය දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර පස්වරු 12.15 ට පමණ පීලී පැන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 16 October 2023
ඊශ්‍රායල - හමාස් සටන් විරාමයක් ? ගාසා තීරය සහ ඊජිප්තුව අතරේ ඇති ‘රෆා’ දේශසීමාව පැය කීපයකට පමණක් විවෘත කරමින්, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලා යමින් සිටින පලස්තීනුවන්ට ඊජිප්තුවට ඇතුළුවීමට අවසර දීමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කර තිබේ. 16 October 2023
යාපනයේ අක්කර 700ක ’’ඩොලර් ගස්’’ වගා කරයි අපනයනය ඉලක්ක කර ගනිමින් යාපනයේ ඇඹුල් කෙසෙල් අක්කර 200ක් සහ TEJC අඹ අක්කර 500ක වගා ව්‍යපෘති ඉතා සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 16 October 2023
බොරු මැණික් පෙන්වා පුද්ගලයින් රැවටු යුවළක් දැලේ හොරණ නගරයේ සැරිසරමින් මැණික් ගල් යැයි පවසා විවිධ පාටින් යුත් ගල් පෙන්වා පුද්ගලයන් රැසක් රවටා රන් භාණ්ඩ වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 16 October 2023
පෞරාණික බුදු පිළිමයක් අලෙවි කරන්න ගිය දෙකක් දැලේ පෞරාණික වටිනාකමක් ඇතැයි සැලකෙන රන් පැහැති බුදු පිළිමයක් රුපියල්13,000,000 මුදලකට අලෙවි කිරීමට උත්සහ කළේ යැයි කියන පුද්ගලයින් දෙදෙනෙකු පූනෑව පරණ හල්මිල්ලෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 16 October 2023
හමාස් සංවිධානය කියන්නේ පලස්තීනය නොවේ - අබ්බාස් ගාසා තීරයේ හමාස් සංවිධානය, සමස්ත පලස්තීනය නියෝජනය නොකරන බව පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමද් අබ්බාස් අවධාරණය කර තිබේ. 16 October 2023
ගාසා තීරය අත්පත් කරගැනීම වරදක් වේවි - බයිඩන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර දෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 16 October 2023
ගිනි තබාගත් අයෙක් බේරන්න ගිය පොලිස් නිලධාරීන්ටත් තුවාල වාලච්චෙන මාන්චෝලේ පාසැල පාරේ පිහිටි නිවසක සිරුරට ගිනි තබාගෙන සිටි බව කියන පුද්ගලයෙකු මුදා ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙත ගිනි තබා ගත් පුද්ගලයා කඩාපැන බදා ගත් නිසා එම පොලිස් නිලධාරීන් දෙදෙනා ද පිලිස්සුම් තුවාල ලැබූ බව වාලච්චේන පොලිසිය පවසයි. 16 October 2023
හොරෙන් මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයෝ කොටුවෙති තලෙයිමන්නාරම මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරත ව සිටි බව කියන ඉන්දීය ධීවරයන්15 දෙනෙකු ඔවුන් පැමිණි බහුදින යාත්‍රා දෙකක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 16 October 2023
තවත් වෙඩික්කරුවකු වෙඩි කා නසී රාගම පොල්පිතිමූකලානේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට ඉකුත් පස්වැනි වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කියන වෙඩික්කරුවකු අත්අඩංගුවට ගැනීමට අද අලුයම් කාලයේ පොලිසිය ගිය අවස්ථාවේ පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී සැකකරු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 16 October 2023
සැක රන් බෝල සමග හතරක් අත්අඩංගුවට දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ රථ වාහන පරික්ෂා කිරිමේ රාජකාරියෙහි යෙදි සිටි විශේෂ කාර්ය බළකා නිලධාරින් මෝටර රථයක තිබි සැකකට යුතු රන් ආලේපිත කුඩා ප්‍රමාණයේ බෝල 949 ක් සමග මෝටර් රථයේ ගමන්ගත් සිව් දෙනකු අත් අංගුවට ගෙන ඇත. 16 October 2023
බොහෝ ප්‍රදේශවලට සවස දෙකෙන් පසු තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 October 2023
ජනපති රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩ පවරා රට යයි චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 3 වන “එක් තීරයක් - එක් මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගියේය. 16 October 2023
උප්පරවැට්ටි දමා ඡන්දය කල් දැම්මොත් බලා ගෙනයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළහොත් ඊට එරෙහිව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ තීරණය කර ඇත. 15 October 2023
සෞඛ්‍ය ලේකම් ධූරයට ලොකු තරඟයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන මාසයේ විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් සෞඛ්‍ය ලේකම් ධුරය සඳහා දැඩි තරගයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. 15 October 2023
දයාසිරිට උප සභාපතිධූරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර මහතාට ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 15 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026