
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කර තිබේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇති ආදායම් එකතු කිරීමේ අංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ඒ අනුව සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට කැඳවා ඔවුන්ට බදු ලිපිගොනු සකස් කිරීම සිදු කෙරෙයි.
දෙසැම්බර් 01 වෙනිදාට පෙර මෙම බදු ලිපිගොනු පුරවා අවසන් කරන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දී අැත.
මෙතෙක් බදු ලිපි ගොනු විවෘත කර නොතිබූ මන්ත්‍රීවරුන් තිස් දෙනකු පමණ මේ වැඩසටහන යටතේ අලුතින් බදු ලිපිගොනු විවෘත කර තිබෙන බව පාර්ලිමේන්තු ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආණ්ඩුවෙ මන්ත්‍රීන්ට බදු ලිපි ගොනු
ravin Saturday, 02 December 2023 10:40 AM
ලිපිගොනු නම් විවෘත කරයි. ඒත් ඕවගේ ඇත්ත, නැත්ත හොයලා බලන එක තමයි අමාරු වැඩේ...
ලක්ෂ්මන් Saturday, 02 December 2023 12:23 PM
ලංකාවට නිදහස ලබා හැට හය වසරකට ඔන්න මෙන්න තියෙන තුරුම පාර්ලිමේන්තුවේ මංත්‍රීලා සඳහා බදු ගොණු විවෘත නොකිරීම වරදක් නොවෙයිද? කෝ රට හදනවා කියන කොම්පාසුව කට්ටිය හදලාද බලන්න ගන්න අනිවාර්යයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අයට බදුගොනු හදනවා වුණත් පාර්ලිමේන්තුවේ අයට එහෙම නොකරන්නේ ඇයි...?
විපරමා Saturday, 02 December 2023 06:24 PM
බදු ලිපිගොනු පටන් ගත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ. දූෂිත දේශපාලුවන් මුල ඉඳලාම කරන්න ඕනෑදේවල් කරලා තියෙන්නේ...