(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්‍රිකට් ක්‍රීඩාංගන තුනකට එල්ඊඩී තිර තුනක් ගෙන්වීමේදී ලොකු තීරුබදු වංචාවක් සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද(1) පැවසීය.
මේ පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසු තිර ගෙන්වූ ආයතන තුන එම තිර ක්‍රීඩාංගනවලින් ගලවා ගෙන යෑමට උත්සාහ දරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාංගන තුනකට එල්.ඊ. ඩී තිර තුනක් මිලදී ගෙන තියෙනවා. පල්ලෙකැලේ ක්‍රීඩාංගනය, දඹුල්ල ක්‍රීඩාංගනය, සහ කෙත්තාරාම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට තමයි ඇනවුම් කරල තියෙන්නෙ. අඩි හැටයි තිහේ එල්ලීඩී තිර තුනක්. මේ තිර තුන සම්බන්ධයෙන් වංචනික ක්‍රියා දාමයන් තුනක් තියෙනවා. පළමුවැනි ක්‍රියාදාමය තමයි, ටෙන්ඩරය විවෘත කරල තියෙන්නෙ 2023 ජුලි මාසයේ 14 වෙනිදා. හැබැයි ඊට ඉස්සෙල්ලා 13 වැනිදා සල්ලිවලින් කොටසක් ගෙවල තියෙනවා. ඩොලර් 29000ක්.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
905
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තවත් ක්‍රිකට් හොරකමක් සජිත් හෙළිකරයි
අරවින්ද මොනරවිල Friday, 01 December 2023 04:29 PM
සජිත් ජනාධිපති සිහිනය අතහැර දාලා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙන්න හදනවද මන්දා?
වංහුන් Friday, 01 December 2023 05:39 PM
මොනවිලේ හිටියත් හොරකමට සපෝට් වගේ.
ChandraFriday, 01 December 2023 10:03 PM
ක්‍රිකට් කපිතාන් කෙනෙක්නේ. මමත් දැකල තියෙනවා මිහිඳු මාවතේ කොළ බෝලවලින් පොඩි කාලේ සෙල්ලම් කරනවා.