
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර නගරයේ දී සිම්පත් අලෙවි නියෝජිතයෙගේ පාදයකට මන්නයකින් පහර දී රුපියල් ලක්ෂ එකහමාරකට අධික වටිනාකමකින් යුත් සිම්පත්, මුදල් සහ ජංගම දුරකථනය කොල්ලකෑම, බණ්ඩාරගම පෞද්ගලික බැංකුවක ATM කුටිය අසලට කඩා වැදී පුද්ගලයකුට මන්නා පහරවල් පහක් එල්ලකර රුපියල් ලක්ෂ එකහමාරක් කොල්ලකෑම සහ ගෝනදූව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බියවැද්දීම සිදුකර පලාගොස් සිටී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැව්රිදි හිටපු සෙබළෙකු සහ 18 හැව්රිදි ඔහුගේ ගෝලයා බවද පොලිසිය කීය.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ අයිස් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය තිබූ බවද පොලිසිය කීය.
සැකකරුවන් ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අපරාධ සිදුකිරීමට යොදාගත් මන්නා පිහි දෙක, බණ්ඩාරගම නගරයෙන් කොල්ලකෑ යතුරුපැදිය සහ සොයාගත් බවත් හිටපු යුද හමුදා සෙබළා සන්තකයේ තිබී විදෙස් රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගත් බවත් වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.
සැකකරුවන් දෙදෙනා පසුගිය කාලසීමාවේ කළුතර සහ පානදුර ප්‍රදේශවල මන්නා පහරවල් එල්ල කරමින් කොල්ල කෑම් සහ මහ මග ගමන් ගත් කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑම ඇතුළු අපරාධ රැසක තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොල්ලකරුවන් දෙදෙනෙක් කළුතර දී මාට්ටු
primeshika Friday, 01 December 2023 02:58 PM
තව අයුද හන්ගපුව ඇති. එව හොය්න්න එක්කගෙන යන්න. අපි මුකුත් කියන්නෙ නෑ.
අරවින්ද මොනරවිලFriday, 01 December 2023 04:34 PM
ඔයලා වගේ අය මුකුත් නොකියා ඉන්න තරමට රටට හොඳයි, ඔයගොල්ලෝ වගේ අය කිව්ව කෙරුව ඒවායේ ප්‍රතිඵල තමයි රටම භුක්ති විඳින්නේ...!
Bamunuarachchi Saturday, 02 December 2023 07:58 PM
රට මේ තත්වයට වැටුණේ ඇයි කියලා ජෙප්පංගේ බණ අහන අය දන්නෙත් නැහැ.. ඊයේ, පෙරේදා ඉපදුණු එවුන් දන්නෙත් නැහැ. හැදීගෙන ආපු මෙරට 1971 ඉඳන් විනාශකලේ ජෙප්පෝ කියලා සමහර එවුන් දන්නේ නැහැ. බංගලාදේශය දියුණු වුණේත් ලංකාව පරිහානියට ගියේත් ජෙප්පෝ නිසා. නැතිනම් ලීක්වායුන් කියනවද සිංගප්පූරුවත් ලංකාව වගේ කරනවා කියලා.
Bamunuarachchi Friday, 01 December 2023 05:53 PM
ජෙප්පෝ තමයි තරුණ ළමයින්ව මේ තත්වයට පත් කළේ. රටේ ක්‍රෝධය, ඊර්ෂාව, වෛරය පැතිර වුයේ මේ කාලකන්නි JVP හැතිකරේ. ජෙප්පෝ හෙන ගහලාම වැනසෙන්න ඕනේ. කමෙන්ට්කරනකොටම ජෙප්පෝ හඳුනා ගන්න පුළුවන්...
Dinesh Friday, 01 December 2023 07:41 PM
රට මේ තත්වයට දාපු අයයි, ඔවුන්ට කඩේ යන අයටයි හෙණ ගහන්න ඕනෑ..
Prasanna Friday, 01 December 2023 09:06 PM
හෙට ඇප ලැබෙනවා...