ලෝයර්ගේ ගේ බින්ද දෙකක් මාට්ටු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියකට අයුත් පින්වත්ත බෝධිරුක්කාරාම පාරේ පිහිටි නිවසට ඇතුළුවී විදේශ මුදල් නෝට්ටු , ගෑස් සිලින්ඩර ඇතුළු උපකරණ සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි . 15 October 2023
මම වෙනස් වෙන්නේ නෑ - කුසල් මෙන්ඩිස් නායකත්වය ලැබුණද වෙනස්වීමට කැමැත්තක් නොමැති බවත් පසුගිය තරඟවලදී පන්දුවට පහරදුන් ආකාරයටම පිතිහරඹයේ යෙදීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක කුසල් මෙන්ඩිස් අද (15) පස්වරුවේ පැවසීය. 15 October 2023
ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ එංගලන්තය පරදවති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 13 වැනි තරගය ලෙස දිල්ලිහිදී අද (15) පැවති තරගයේදී ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ ලකුණු 69 කින් ප්‍රබල එංගලන්ත පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ. 15 October 2023
පස් කන්ද ගොඩනැගිල්ල බිමට සමතලා කරයි බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයේ දී අද (15) පස්වරුවේ විශාල පස්කන්දක් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඒ අසල නවතා තබා ලොරි රථ දෙකකට , කැබ් රථයකට බරපතළ ලෙස අලාභහානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි . 15 October 2023
දින තුනේ දුම්රිය ගමනට කෝටි 22 ක් කාලා ශ්‍රී ලංකා රජය විදේශ ණය වශයෙන් ගන්නා ලද රුපියල් කෝටි විසි දෙකකට වැඩි මුදලක් අනුරාධපුර සිට මිහින්තලේ දක්වා වෙනම දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා වියදම් කිරීම ප්රශ්නකාරී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 15 October 2023
නීති විරෝධිව ඊශ්‍රායලයට ඇතුළුවූ කාන්තාවන් දෙදෙනා බන්ධනාගාරයේ ජෝර්දාන දේශ සීමාව හරහා නීති විරෝධීව ඊශ්රායාලයට ඇතුළුවීම හේතුවෙන් අත් අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බවට තහවුරු වූ බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 15 October 2023
යාපනයේ ගොවීන්ට ’’පාට් දාන’’ කල්ලියක් යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් සම්බන්ධව වාර්තා වී ඇති බැවින් එම පිරිස වහාම අත් අඩංගුවට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා යාපනය පොලිස් ප්‍රධානීන්ට අද (15) උපදෙස් දුන්නේය. 15 October 2023
දුම්රිය ප්‍රධාන නියාමක-පාලම් පරීක්ෂක හොදටම ගහගෙන කොටුව සිට මහනුවර බලා අද පස්වරුවේදී පිටත්වීමට නියමිත දුම්රියේ ප්‍රධාන නියාමකවරයා හා දුම්රිය පාලම් පරීක්ෂකවරයෙකු අතර ගැටුමක් ඇති වී ඇතැයි දුම්රිය ආරංචි මාර්ග පවසයි. 15 October 2023
ඉදල්ගස්හින්න - හපුතලේ අතර රේල් පාරට ගලක් පෙරලෙයි උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ හපුතලේ දුම්රිය ස්ථාන දෙක අතර ප්‍රදේශයට ගලක් පෙරළීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය. 15 October 2023
බණ්ඩාරවෙල දරුවන් ගැන කලාපෙන් ගත් තීරණය බණ්ඩාරවෙල පාසල්වලට දරුවන් පැමිණිමට පෙර පාසල් බිම හා ගොඩනැගිලි පූර්ව පරීක්ෂාවට ලක් කර ආපදා තත්ත්වයක් නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසු පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස බණ්ඩාරවෙල පාසල් 144 ක විදුහල්පතිවරුන්ට දැන් වු බව බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්යක්ෂ ධම්මික හේරත් මහතා පැවසීය . 15 October 2023
තරුණියට පහරදුන් යුවළ පොලිසියට මාට්ටු සේවා ස්ථානයක් තුළ දී තරුණියකට අමානුෂීක අතින් පයින් හා පුටුවලින් පහර දුන් අඹුසැමි යුවළක් අද (15) කදාන ආනියාකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කදාන පොලිසිය පවසයි. 15 October 2023
අයවැයෙන් රජයේ සේවකයන්ට පඩි වැඩිවීමක්? ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 15 October 2023
අරගලය ඉල්ලූ වෙනසට එජාප සම්මේලනයෙන් මුල පුරනවා අරගලය ඉල්ලූ වෙනසට මුල පුරන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ලබන සෙනසුරාදා (21)පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 15 October 2023
බණ්ඩාරවෙල නගරය ජලයෙන් යට වෙයි පවතින අධික වර්ෂාවත් සමඟ අද (15) බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවිය. 15 October 2023
උඩරට දුම්රිය ගමනාගමනයට බාධා මාධ්‍යම කඳුකර ප්‍රදේශයයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ වටවල හා ගලබඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතු වී තිබේ. 15 October 2023
කොත්මලේ වෑතලාව ගමේ පොළව යට අමුතු ශබ්ධයක් කොත්මලේ, වෑතලාව ගම්මානයේ පොළව අභ්යන්ත්රයේ පවතින බවට ගම්මුන් පවසන අසාමාන්‍ය ශබිධයක් එම ගම්මානයේ පවුල් 50 ක පමණ පිරිසක් රාත්‍රි කාලයට පමණක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට අද (15) සිට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය. 15 October 2023
හමාස් - ඊශ්‍රායල ගැටුම අමතන්න ගෝලීය එකමුතුවක් ඕනෑ උත්සන්න වෙමින් පවතින හමාස් - ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරිමට ගෝලීය එකමුතුවක අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 October 2023
කුසල් පෙරේරාට ස්ථානය අහිමි වෙයි? ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවැති තරග දෙකේදී අසාර්ථක වූ ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ ස්ථානයට ටෙස්ට් පිලේ නායක ජේෂ්ඨ පිතිකරු දිමුත් කරුණාරත්න කැඳවීමට තීරණය කර ඇති බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි. 15 October 2023
මෙරටින් ලෝක උරුම තවත් දහයක් ලෝක උරුම ලෙස නම් කිරීම සඳහා මෙරට නව ස්ථාන දහයක් හඳුනාගෙන ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා කමිටුව) පසුගියදා දැනුම් දුන්හ. 15 October 2023
ඇමෙරිකන් යුද නැවක් ඊශ්‍රායලයේ සහායට යයි ඊශ්‍රයාලයට දිගින් දිගටම සහාය දෙන බව පවසමින්, තවත් යුද නෞකාවක් ඊශ්‍රායලයට අසල මධ්‍යධරණී මුහුදට යැවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ. 15 October 2023
පස් කන්දක් වතු නිවාස පෙළකට කඩා වැටෙයි බගවන්තලාව, තෙරේසියා වතුයායේ වතු නිවාස පෙළක් මතට අද (15) පස් කඳු කඩා වැටීම හේතුවෙන් වතු නිවාස පහකට හානි සිදුව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ නිමල් බණ්ඩාර මහතා පැවැසීය. 15 October 2023
අගමැති නෙදන්යාහු සටන් බිමට ඊශ්‍රායල හමුදා දකුණු දෙසින් දේශසීමා හරහා ගාසා තීරයට පහර දීම ආරම්භ කරද්දී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද වෙඩි නොවදින කබායකින් සැරැසී, දේශසිමාවේ සිටි එම සෙබළුන් හමුවීමට ගියේය. 15 October 2023
දැදුරුඔයේ වාන් දොරටු 4ක් විවෘත කරයි දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අද (15) උදෑසන සිට විවෘත කළ බව ජලාශය බාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය. 15 October 2023
දරුවන් 56,000 කට උග්‍ර මන්දපෝෂණය ශ්‍රී ලංකාවේ දරුවන් 56,000 උග්‍ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව යුනිසෙෆ් වාර්තාවල සඳහන් වන්නේ යැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. 15 October 2023
ශිෂ්‍යත්වයට යන්න බස් නැතුව හාලිඇල ගම් රැසක සිසුහු අමාරුවේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූ අද දිනයේදී ඒ් සඳහා පෙනී සිටීමට හාලිඇල දීගල්ල ගම්මානයේ සිට පැමිණි සිසුන් ට බස්රථ නොමැති වීමෙන් සිසුන් මෙන්ම දෙමව්පියන් ද දැඩි අපහසුතාවට පත්වුහ. 15 October 2023
කොස්ලන්දේ පාසල් තුනක් හෙට වහයි පවතින අධික වර්ෂාවත් සමග හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයට මේ වන විට මතුවී ඇති නායයාමේ අවදානම හේතුවෙන් මීරියබැද්ද, මකල්දෙණිය සහ ආර්නෝල්ඩ් යන පාසල් තුන හෙට(16) දින වසා තැබීමට පියවර ගත් බව හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා මහත්මිය කීවාය. 15 October 2023
සල්ලි නැතිව කොට උඩ ගිය තට්ටු ගෙවල් හැදීම අරඹයි මධ්‍යම හා ඉහළ මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නවයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. 15 October 2023
මුදල් කොල්ල කෑ ආධුනික කොස්තාපල් ගෙදර උරගස්මංහන්දියහබරුගල ප්‍රදේශයේ පිහිටි නිවසකට අයුතු ලෙස ගිනි අවියක් රැගෙන ලෙස ඇතුළු වී නිවෙස් හිමියාගෙන් රුපියල් 32,000 මුදලක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු ගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි. 15 October 2023
හරි දිනට වගා නොකළොත් වගා හානි වන්දි නෑ නියමිත දිනයට වගා නොකරන කුඹුරුවල ගොවීන් සඳහා වගා හානි සිදුවීමක දී වන්දි නොගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ. 15 October 2023
නැ’හිර පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති තහනම් නැගෙනහිර පලාතේ පාසල් වල තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හා සති අන්ත දිනවල මුදල් අයකර උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරිම සම්පූර්ණයෙන් තහනම් කරමින් පලාත් අධ්‍යාපන ලේකම්වරයා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. 15 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026