IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සාපෙළ ජයගත්තෝ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව පළමු ස්ථානයට පත්ව සිටින්නේ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ සිසුවියක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද පැවසීය.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව 245521ක් 72.07ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබලා තියෙනවා. පෙර වර්ෂයේ දී තිබුණේ සියයට 62.63 යි. සියලුම විෂයන්ට ඒ 9 සමතුන් 13588 ක් ලබාගෙන තියෙනවා. මෙම ප්‍රතිඵල අනුව පළමු ස්ථානය ලබාගෙන තියෙන්නෙ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ සිසුවියක්. දෙවැනි ස්ථානය ලබා ගෙන තියෙන්නේ යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියක්. තුන්වැනි ස්ථානය ලබාගෙන තියෙන්නෙ රාජකීය විද්‍යාලයේ සිසුවෙක්. 4 වෙනි ස්ථානය ලැබූ සිසුන් දෙදෙනෙකු ඉන්නවා.

කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ගම්පහ සිරි කුරුස බාලිකා විද්‍යාලය. හයවෙනි ස්ථාන හතරක් තියෙනවා. ඉන් දෙකක් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය, ත්‍රිකුණාමලය ශ්‍රී ෂන්මුගම් බාලිකා විදුහල, දහ වෙනි ස්ථානය දෙකක් තියෙනවා. කොළඹ මියුසියස් විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය විභාග ප්‍රතිඵල ලබා දීම ප්‍රමාද වුණේ උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසා මාස තුනක් කල් ගිය නිසා.උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණයෙන් පසුව තමයි සාමාන්‍ය පෙළ පෙළ උත්තර පත්‍ර පරීක්ෂණ ආරම්භ කළේ. මාස තුනක් ඇතුළත ප්‍රතිඵල ලබා දෙන්න හැකි වුණා. ඒ සියලු ගුරුවරුන්ට විභාග දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත වෙනවා.

දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබාගත් මහනුවර මහා මායා විද්‍යාලයේ සමාධි අනුරාධා _

(ඡායා ජේ.ඒ.එල්.ජයසිංහ)

දෙවන ස්ථානය දිනාගත් යාපනය වෙම්බඩි බාලිකා විද්‍යාලයේ ආක්ෂියා ආනන්දා සයානන් (ඡායාරූප රොමේෂ් මධුෂංක)

තෙවන ස්ථානය දිනාගත් කොළඹ රාජකීය විද්‍යාලයේ  ඒ.එම්.ඒ. මින්සන්දු අලකෝන් 

හතරවන ස්ථානය දිනාගත් කොළඹ රාජකීය විද්‍යාලයේ දුල්මිණ සදීප දිසානායක

දිවයිනෙන්ම සිව්වන ස්ථානය දිනාගත් ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ දුල්මිණි සදීපා දිසානායක (ඡායා තිලකරත්න දිසානායක)

හයවන ස්ථානය දිනාගත් ගාල්ල සංඝමිත්තා බාලිකාවේ අමාවි උත්පලානි අබේරත්න (ඡායා සුමතිපාල දීයගහගේ)

හයවන ස්ථානය ජයගත් ගාල්ල සංඝමිත්තා බාලිකාවේ සවින්ති මෙතුමිනි. (ඡායා සුමතිපාල දියගහගේ)

හයවන ස්ථානය ජයගත්  කුරුනෑගල මලියදේව විද්‍යාලයේ  සෙව්මික පබසර (ඡායා සම්පත් සෙනෙවිරත්න)

හයන ස්ථානය දිනාගත් ත්‍රිකුණාමලය සිරි ෂන්මුගම් හින්දු විද්‍යාලයේ  ප්‍රෂාන් කෝනේෂ් (ඡායා අමදෝරු අමරජීව)

හත්වන ස්ථානය දිනාගත් මහනුවර උසස් බාළිකාවේ මතීෂා ෂොරෝන් රාජපක්ෂ (ඡායා ෂේන් සෙනෙවිරත්න)



අදහස් (2)

සාපෙළ ජයගත්තෝ

සනත් ගමගේ Friday, 01 December 2023 03:07 PM

A9 ලබා ගත් සියළුම දරුවන් මෙම විභාගයෙන් පළමු තැන් ගත්තෝ වෙති. මෙම විභාගයේ රෑන්ක් එකක් ලකුණු කිරිමෙන් දරුවන්ට අත්වන සුවිශේෂය කවරක්ද?

:       5       20

Chamila Fernando Friday, 01 December 2023 05:12 PM

සියලුම දරුවන්ට සුබ පැතුම්... අසමත් වුණු දරුවන්ව කාර්මික විද්‍යාල වලට සහ හෝටල් පාසල් වලට යොමු කරන්න හැකි නම් රට දිනුම්...

:       4       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site