නවසීලන්තය පිට පිටම තුන්වැනි ජය ලබයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 11 වැනි තරගය ලෙස චෙන්නායිහිදී අද (13) පැවති තරඟයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 8 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ. 13 October 2023
ලාන්ස් කෝප්‍රල්ගේ කණ පැලූ මේජර් අත්අඩංගුවට ජීප් රථයේ දොර හයියෙන් වැසුවා යැයි උරණ වී ලාන්ස් කෝප්‍රල්වරයා ගේ කනට පහරදී බරපතළ තුවාල සිදු කළ රත්මලාන බොරුපන කඳවුරේ දෙවන අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන මේජර්වරයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණු පොලිසිය කියයි . 13 October 2023
ලංවිම ගැන අයි.එම්.එෆ් මතය කියයි විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මතය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පැවසුවේය. 13 October 2023
පොලිස්පතිට තෙවන වරටත් සේවා දිගුවක් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට අද (13) සිට සති 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 13 October 2023
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය අත්අඩංගුවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පවා තිබු ගුවන් ගමන් තහනමක් ඉවත් කළ බවට ව්‍යාජ ලේඛණයක් සකස් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (13) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ ඇත. 13 October 2023
විශ්වවිද්‍යාල ආචාර්යවරු ජනපති හමුවෙති විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පර්යේෂණ දීමනාව පවතින බදු ප්‍රතිපත්ති වලින් නිදහස් කර ගෙවීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සොයා බලා සති තුනක් ඇතුළත වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 13 October 2023
බාල බෙහෙත් ගෙන්නන විකුණන අයට වැඩ වරදියි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන මඟින් ලංකාවට ගෙන ඒමට සම්බන්ධ සියළු දෙනා මෙන්ම එලෙස ගෙන්නු ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් දිවයින පුරා රජයේ රෝහල්වලට බෙදා හැරීමට සම්බන්ධ සියළු දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (13) රහස් පොලිසියට නියම කළාය. 13 October 2023
ජපාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් ලංකාවේ අරඹයි ජපාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 13 October 2023
වෛද්‍ය සංගමයෙන් ජනපතිට අට වැදෑරුම් යෝජනාවලියක් වත්මන් සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ගත යුතු පියවර ඇතුළත් අට වැදෑරුම් යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී තිබේ. 13 October 2023
පින්නදුව-ඉමදූව යළි අරියි රන්ගොඩ කන්ද නාය යාම හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ ඉමදූව අතර කොටස වාහන ධාවනය සඳහා අද (13) සවස 6 සිට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එල් ඊ එස් වීරකෝන් මහතා පැවසීය 13 October 2023
ත්‍රස්ත පනත සභාගතවීමේ දී දෝෂ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නීත්‍යානුකූලව සභාගත වී නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය. 13 October 2023
රතන හිමි පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනියි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්ෂයෙන් නෙරපීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 13 October 2023
හපුතලේ පොලිසියේ දි කතක් ගිනි තබා ගනී හපුතලේ පොලිසියේදී කතක සිරුරට කිසියම් දියරයක් හලාගෙන ගිනි තබාගෙන ඇතැයි පොලිසිය කියයි 13 October 2023
චීනෙන් ධීවරයන්ට නොමිලේ භූමිතෙල් චීන සමූහ ආණ්ඩුවේ ආධාර ඇතිව එක්දින ධීවර ය්‍රාත්‍රා සඳහා නොමිලයේ භූමිතෙල් ලබා දෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි. 13 October 2023
යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් කොළඹදී විරෝධතාවක් පලස්තීන සහ ඊශ්‍රායල වැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් නව ජනතා පෙරමුණ මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විණ. 13 October 2023
බාල බෙහෙත් කෝටි 15ක් වතුරේ යවලා ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවූ ඖෂධ හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට 2022 වර්ෂයේදී රුපියල් කෝටි 15 කට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 13 October 2023
අවිස්සාවේල්ලේ වෙඩික්කරු රැගෙන පිම්මේ ගිය තරුණයා මාට්ටු අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ගමන්ගත් යතුරු පැදිකරැ ලෙස කටයුතු කළ 21 හැවිරිදි තරැණයකු හම්බන්තොට කැටුවැව අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 13 October 2023
පරිසර අමාත්‍යාංශය ජනපති යටතට පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පවරා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 13 October 2023
අධිවේගයේ පස් ඉවත් කර සෝදා අවසන් කරයි කන්දක් නායයාම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැසී ගිය පින්නදුව සහ ඉමදූව අතර කිලෝමීටර් 102 ප්‍රදේශයේ පස් ඉවත් කිරීමේ කටයුතු සම්පර්ණයෙන්ම නිම කර ඇතැයි අධ්‍යක්ෂක අධිවේගී මාර්ග (නඩත්තු හා මෙහෙයුම් අංශය ) ආර් ඒ ඩි කහටපිටිය මහතා පැවසීය. 13 October 2023
ඩිජිටල් මාර්ග සිතියම ජනපතිට රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 13 October 2023
හෝටලයකට මුදල් වංචා කළ මාලදිවයින් ජාතිකයා අත්අඩංගුවට සංචාරක හෝටලයක නැවතී සිට පහසුකම් ලබා ගැනීම මුදල් නොගෙවා රුපියල් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් මාලදිවයින් ජාතිකයෙක් මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 13 October 2023
හෙරොයින් සමඟ සෙබලෙක් මාට්ටු මහනුවර විලියම් ගොපල්ලව මාවතදී සිදුකළ සෝදිසි මෙහෙයුමකින් හෙරොයින් සමඟ හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන ඇත. 13 October 2023
සිපගන්න හැදුවැයි උරණ වී මරලා බීමතින් සිප ගැනීමට පැමිණි පුද්ගලයෙකුට පහර දීමෙන් ඔහුගේ මරණය සිදු කළේ යැයි (37) හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව දුන්ගල්පිටිය පොලිසිය පවසයි. 13 October 2023
සාදයේ කතාබහ පිහි ඇනුමෙන් කෙළවර වෙයි මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් විළිඹුල ප්‍රදේශයේ මංගල උත්සවයක් පැවති අවස්ථාවේ දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුරදිග ගොස් සිදු කළ පිහි ඇනුමකින් 59 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මල්වතුහිරිපිටිය පොලීසිය සඳහන් කරයි. 13 October 2023
හමාස් සටන්කාමීන්ට ආයුධ දුන්නේ කොරියාව ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්, ඊශ්‍රායලයට පහර දීමට යොදා ගන්නේ උතුරු කොරියාවෙන් ඔවුන්ට ලැබුණු අවි ආයුධවලින් යැයි ඇමෙරිකාව චෝදනා කරයි. 13 October 2023
හමාස් ප්‍රහාරය ගැන ඩොනල්ඞ් ට්‍රම්ප් කට අරී ඊශ්‍රායලයට පසුගිය 7 වැනිදා එල්ල වුණු හමාස් ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අදහස් පළ කර තිබේ. 13 October 2023
ගාසා තීරයෙන් මිලියන 1.1 ක් ඉවත් කරන්න යයි ගාසා තීරයේ උතුරු කොටසේ ජීවත් වන සියලු පලස්තීන වැසියන් ඉදිරි පැය 24 ක කාලය තුළ ගාසා තීරයේ දකුණු කොටසට යා යුතු බව ඊශ්‍රායලය රජය නියෝග කර තිබේ. 13 October 2023
කෑම ගන්න ගිය කොස්තාපල්ට පහරදීලා කෑම පාර්සලයක් මිළදී ගැනීම සදහා රාත්රියේදී කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයකට ගිය පයාගල පොලිසියේ කොස්තාපල් වරයෙකුට ත්‍රීරෝද රථයක සිටී පිරිසක් පහරදී ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර උතුර පොලිසිය පවසයි . 13 October 2023
පාතාලයෙක් එස්ටීඑෆ් දැලේ තල්දූව ප්‍රදේශයේ දී පුද්ගලයන් සිව්දෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩිතබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ බව කියන මන්නා රමේෂ් නමැත්තාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බළකාය පවසයි . 13 October 2023
ගාලු මුවදොරට ගොඩගසා තිබු හිමිනම හඳුනා ගනී කොළඹ ගාලු මුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයා ගත් දේහය හය මාවනැල්ල සම්බෝධි විහාරස්ථානයේ වැඩ වාසය කළ ගල්පොලසිරිනන්ද හිමියන්ගේ බවට හඳුනා ලැබූ බව කොටුව පොලිසිය පවසයි. 13 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026