(නිමන්ති රණසිංහ)
රුපියල් 14 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් යන්ත්‍රයක් විකුණා සාපරාධී විශ්වාසය කඩ කළ චෝදනාවකට වරදකරු වූ ව්‍යාපාරිකයකුට එම නඩුවේ පැමිණිලිකාර ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 25ක වන්දියක් ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කළේය.
පැමිණිලිකරුට එම වන්දි මුදල නොගෙවන්නේ නම්, වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද චූදිතට අධිකරනයෙන් නියම කෙරිණි.
මෙලෙස දඩ නියම වූ වූයේ මෙම නඩුවේ වරදකරු වන අලුත්මාවත පාර, කොළඹ 15 පදිංචි ව්‍යාපාරිකයකු වන පොන්නුසිංහ අමරනාත් නැමැත්තාට ය.
වසර හයක් පුරා විභාග වූ මෙම නඩුවේ දී පැමිණිලිකරුට සිදු වූ රස්තියාදුව හා මූල්‍යමය පාඩුව නිසා 2023 අංක 10 දරණ අපරාධ වින්දිතයන් සුරැකීමේ පනතේ 61 වන වගන්තිය ප්‍රකාරව චූදිතට එල්ලවී ඇති පළමු චෝදනාවට වරදකරු කළ අධිකරණය මෙම වන්දි මුදල පැමිණිල්ලට ගෙවන ලෙස එලෙස නියෝග කළේය.
ඒ අනුව අධිකරණයෙන් නියම කළ දඩ මුදල හිමිවූයේ නඩුවේ පැමිණිලිකරු වන පරණයෝන් වීදිය, කොළඹ 12 පදිංචි තන්ගරත්නම් රමේශ් යන අයවලුන් වෙතය.
චූදිත විසින් රුපියල් ලක්ෂ 14කට අධික වටිනාකමකින් යුත් යන්ත්‍රයක් විකුණා එම මුදල් සාවද්‍ය පරිහරණය කර සාපරාධී විශ්වාසය කඩ කළැයි කියමින් මෙම නඩුව අධිකරණයට ගොනු කරනු ලැබ තිබුණේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් ඉකුත් 2017 වර්ෂයේ අගෝස්තු මස 8 වැනිදා ය.
2025 දෙසැම්බර් මස 16
83
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
880
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලක්ෂ 14ක පොල්ලකට ලක්ෂ 25 ක වන්දියක්
Bamunuarachchi Wednesday, 29 November 2023 08:56 PM
හොඳ තීන්දුවක්. වංචාකාරයින්ට ඔවැනි නඩු තීන්දු ලැබෙන්න ඕනේ.