
(ටී.කේ.ජී.කපිල )
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් පසුව එරට වීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු එරටින් පිටුවහල් කර අද(29) කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
මෙම පිරිස අතර ගෘහ සේවිකාවන් 33 දෙනෙකු සහ ගෘහ සේවකයින් 02 කු විය .
මොවුන් අතරින් එරට හාම්පුතුන් විසින් එරට වාසය කිරීමට අවශ්‍ය ඔවුන්ගේ වීසා බලපත්‍ර කාළය දීර්ඝ කර නොදී සිටි පිරිසක් සහ තවත් පිරිසකගේ ගමන් බලපත්‍ර හාම්පුතුන් විසින් ඔවුන්ට ආපසු ලබා නොදුන් පිරිසක් ද වූහ .
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කර මෙම පිරිස නිශ්කාශනය කර ගැනීමට පියවර ගෙන තිබුණි .
එසේම ඇතැම් සේවිකාවන්ට එරෙහිව එරට අධිකරණයේ නඩු පවරා තිබූ අතර , තවත් පිරිසකට ඔවුන්ගේ හාම්පුතුන් විසින් ව්‍යාජ නඩු පවරා තිබූ අතර , ඒ සියලු නඩු කටයුතු සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය නීතීඥ සහාය ලබා දී , එම නඩු සමථයකට පත් කර ගැනීමට ද පියවර ගෙන තිබුණි .
එමෙන්ම තවත් ඇතැම් සේවිකාවන්ට හිමි සිය අවසන් ප්‍රතිලාභ සහ හිග වැටුප් ලබා ගැනීමට ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වී තිබුණි .

2025 දෙසැම්බර් මස 16
83
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
880
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුවේටයෙන් පිටුවහල් කළ 35ක් මෙරටට
ds Wednesday, 29 November 2023 06:03 PM
ගෘහ සේවිකාවන් වෙනුවට ඉහළ රැකියාවලට පුහුණුව ලබාදී සියලු පුරවැසියන්ට අවස්ථාව නිර්මාණය කළයුතුයි...!