ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පැයක් ඇතුළත 51 ක් මැරිලා ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පැයක් ඇතුළත පලස්තීන වැසියන් 51 දෙනකු මියගිය බවත්, 281 දෙනකු තුවාල ලැබූ බවත් පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 12 October 2023
අමානුෂික පහරදීම් කළේ නෑ - හමාස් කියයි ඊශ්‍රායලයට කඩා වැදී පහර දෙද්දී, තම සටන්කාමීන්, ඊශ්‍රායල කුඩා දරුවන් කුරිරු ලෙස ඝාතනය නොකළ බවත්, ඊශ්‍රායල කාන්තාවන්ට වධ හිංසා කරමින් පහර නොදුන් බවත් ගාසා තීරයේ බලයේ සිටින හමාස් සංවිධානය පවසයි. 12 October 2023
සෙබළා මත් කර දේපොළ පැහැරගෙන අනුරාධපුර දුම්රිය ස්ථානයේ රැඳී සිටි නාවික සෙබළෙකුට මත්වීමට සලස්වා නින්ද ගිය පසුඑම සෙබළා පැළඳ සිටි රන් මාලයඇතුළු රුපියල්364,000වටිනා දේපොළ පුද්ගලයින් දෙදෙනෙකු විසින් සොරාගෙන ගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. 12 October 2023
හිත හොඳ රාජ්‍ය සේවයක් හදන්න මාර්ගෝපදේශ මාලාවක් මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ජනතාවට වඩාත් සුහදශීලී සේවාවක් ලබාදීම අරමුණු කරගෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන බව විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය. 12 October 2023
කඳවුරෙන් නැති වූ ගිනි අවිය නිලධාරියගේ ගෙදරින් මතු වේ ශ්‍රී ලංකා යුද හමුදා පශු සම්පත් බලකා කදවුරේ අවි ගබඩාවෙන් අතුරදන් වූ ටී 56 ගිනි අවිය එම කඳවුරේ බලලත් නිලධාරියකුගේ බටපොල නිවසින් හමු වූ බව යුද හමුදාව කියයි. 12 October 2023
මීටියාගොඩ දි STF වෙඩි පහරින් අයෙක් මරුට මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය එල්ල කළ වෙඩි තැබීමකින් අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 12 October 2023
2018 පුහුණු වූ සියලු හෙද හෙදියන්ට රැකියා දෙන්න භාණ්ඩාගාර අනුමැතිය 2018 දී හෙද පුහුණුව සඳහා බඳවා ගත් පුහුණුලාභීන් සියලුම දෙනාට පත්වීම් ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟතාවය පළ කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 12 October 2023
අදත් වැස්සේ අඩුවක් නෑ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අපර භාගයේ හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 October 2023
ඉන්දියාව-ලංකාව නව ගිවිසුම් තුනකට අත්සන් කරයි ඉන්දියා සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 11 October 2023
සිසුවියකට අමුතු ඇලුම් පෑ ගුරුවරයා මාට්ටු සිංහල විෂය උගන්වන ගුරුවරයාට පාසලේදි වඳින අවස්ථාවේ හිස අත ගා මුහුණ සිප ගන්නා බව කියමින් තිස්සමහාරාම පොලිස් වසමේ පිහිටි පාසලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා එම ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලීසිය පවසයි. 11 October 2023
ජැක්සන් ගැන කාටත් අමතක වූ දෙයක් ජනපති මතක් කරයි ’’ලොව ඇත්තේ යාම් ඊම් ය.නෑවිත් යන්නට බැරිය. නොගොස් එන්නට බැරිය.’’ යනුවෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ’’මළගිය ඇත්තෝ’’ හි පාඨයක් උපුටා දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාට ශෝකය පළ කරයි. 11 October 2023
ඊශ්‍රායල් අගමැතිගෙන් හදිසි එක්සත් රජයක් ඊශ්‍රායල සහ පලස්තීන හමාස් ඉස්ලාමීය සටන්කාමීන් අතර ආරම්භ වී ඇති යුද්ධයේ අවසානයක් දැකීම සඳහා එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ මධ්‍යවාදී විපක්ෂ නායක බෙනී ගාන්ට්ස් හදිසි එක්සත් රජයක් පිහිටුවීමට එකඟ වී ඇත. 11 October 2023
ඉන්දියාවට තවත් පහසු ජයක් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙස සත්කාරක ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර දිල්ලිහිදී අද (11) පැවැති තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. ඉන්දීය පිල මෙම ජයග්‍රහණයත් සමඟ සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණියේය. 11 October 2023
දක්ෂිණ අධිවේගයේ නාය යෑමේ STF සිව් දෙනකුට තුවාල අයහපත් කාලයගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්දූව අතර කොටසට අද රාත්‍රියේ පස්කන්දක් කඩා වැටීමෙන් වාහන ගමනා ගමනය සම්පර්ණයෙන්ම නවතා දමා ඇති බව පොලිසිය පවසයි. 11 October 2023
අනියම් බිරිය පොළොවේ ගසා මැරුවට පොරකයට නියම වේ සිය අනියම් බිරිඳට කොස්සකින් සහ අතින් පයින් පහරදී ඔසවා පොලොවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවකු වරදකරු කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න මහතා විසින් අද මරණ දඩුවම නියම කළේය. 11 October 2023
නවකවද සිද්ධීන් ගැන වාර්තාවක් ඉල්ලයි පසුගිය වසර තුනක කාල සීමාව තුළ රජයේ විශ්ව විද්‍යාලවල නවක වද සිද්ධීන් වැලැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියා මාර්ග පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දිවයිනේ සියලුම රජයේ විශ්වවිද්‍යාලවලට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 11 October 2023
ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම අත්හිටුවයි ඊශ්‍රායලය සහ පලස්තීනය අතර මේ වන විට පවතින යුද්ධමය තත්වය පිළිබඳව අවදානය යොමු කර ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවූ බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (11) පැවසීය. 11 October 2023
කොළඹ ‘අක්ෂි රෝගයක්’පාසල් කීපයක පන්ති කාමර වහයි කොළඹ නගර සභා සීමාව තුළ පැතිර යන අක්ෂි රෝගයක් හේතුවෙන් කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රේණි තුනක සියලුම පංති ලබන සිකුරාදා දක්වා වසා දැමූ බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පැවසීය. 11 October 2023
සබරගමුවට - මධ්‍යම පළාත්වලට තද වැසි මධ්‍යම කඳුකරයේ බටහිර බෑම්වලට සහ සබරගමුවේ තැන් කීපයකට ඇද හැළුණු තද වර්ෂාවෙන් පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවූ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 11 October 2023
පිළිකා එන්නතක් භාවිතයෙන් ඉවත් කරයි රෝගීන්ට ලබාදීමෙන් පසුව සංකූලතා ඇති වූ හෙයින් පිළිකා එන්නතක් භාවිතයෙන් ඉවත් කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවැසීය. 11 October 2023
නසීර් අහමඩ් වෙනුවට අලි සහීර් ගැසට්ටුව නිකුත් වේ නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රීධූරය අහිමිවීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රීධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා පත්කරන බවට සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද නිකුත් කරනු ලැබීය. 11 October 2023
ෂැංග්‍රිලා බෝම්බයේ වීඩියෝ අධිකරණයේ පෙන්නයි කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළ ආරක්ෂක කැමරා දර්ශන නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රදර්ශනය කෙරිණී. 11 October 2023
ඊශ්‍රායල ප්‍රහාරයේ මහ මොළකරු ගාසා තීරයේ හමාස් සටන්කාමීන් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළේ හමාස් පලස්තීන සටන්කාමියකු වන මොහොමඩ් ඩියෙෆ් යැයි තහවුරු වී ඇත. 11 October 2023
පලස්තිනුවන්ට සහාය දැක්වූ මීයා කලීෆාට වැඩ වරදී ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී පලස්තීනුවන්ට සහාය පළ කරමින් ඊශ්‍රායලයට නිගරු කරමින්, අසැබි නිළියක ලෙස කලක් ප්රකටව සිටි. 11 October 2023
ඊශ්‍රයලයට ලෙබනනයත් සිරියාවත් තර්ජනයක් වෙලා ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන් පමණක් නොව, ඊශ්‍රායලය හමුදාවට ලෙබනනය සහ සිරියාව ද තර්ජනයක් වී ඇති බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 11 October 2023
තවත් ඖෂධ වංචාවක් ස්නායු, හන්දි හා හදවත් රෝගවලටත් භාවිත කරන හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (අයි.වී.අයි.ජී) යන අත්‍යාවශ්‍ය ඖෂධය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර ලියාපදිංචි කිරීමෙන් බැහැරව සුපුරුදු හොර පාරෙන් කූට ලේඛන සකස් කොට ගෙන්වා ඇති බවවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 11 October 2023
මුදල් වංචාකළ කාන්තාවක් අත්අඩංගුවට ඔන්ලයින් හරහා ණය ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 11 October 2023
ජපන් රැකියා දොර ලොකු කරයි විශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 11 October 2023
ඊශ්‍රායල ප්‍රහාරවලින් 1,000 ක් මැරිලා ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 1,055 ක් මියගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. 11 October 2023
ගාසා තීරයේ අලුත්ම තත්වය ලක්ෂ තුනක පමණ ඊශ්‍රායල හමුදා භට පිරිසක් ගාසා තීරය ආසන්නයට ළඟා වෙමින් සිටින බවත් ඔවුන් ගාසා තීරය ගොඩබිමින් ආක්‍රමණය කරනු ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොඇව් ගලාන්ට් ප්‍රකාශ කර ඇත. 11 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026