(ඉන්දිකා රාමනායක )
යුද සමයේ එල්ටීටීය විසින් ඝාතනය කළ ප්‍රභූ පුද්ගලයන් සමරා වවුනියාවේ පැවැති සැමරුමකට පහරදීම් එහි පුවරු කඩා දමා කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව තොනිකල් ප්‍රදේශයේ පදිංචි (42) හැහැවිරිදි පුද්ගලයෙකි
මෙම සැමරුම් උත්සවය ඉකුත් (25) වෙන්න දහවල් වවුනියාව නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට පවත්වා ඇති අතර එහිදී මියගිය ප්‍රභූන්ගේ ඡායාරූප, බැනර් ඒකනෙ කරමින් පිරිස එල්ටීටීයට විරුද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් උරණවු ඉහත හිටපු එල්ටීටීඊ සැකකරු එම ස්ථානයට පැමිණ විරෝධතා කරුවන් සමග බහින්බස් වී ඔවුන් අත තිබූ පෝස්ටර් බැනර් සහ ඉරා දමා කලහකාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd