(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට ඇමතිට බලයක් නැතැයි සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ස්ථීර අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වික්‍රමනායක මහතා මේ බව කීය.
අදාළ පත් කිරීමේ බලය තිබෙන්නේ ඇමති මණ්ඩලයට බව කී අමාත්‍යවරයා ස්ථීර වශයෙන් අධ්‍යක්ෂ ජනරාල් වරයකු පත්කරගැනීම සඳහා දැන්වීමක් පළකර අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවා කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිට බලයක් නැහැ තමයි ඒත් ඇමතිට ඇමති මණ්ඩලය දැනුවත් කර කෙනෙක් පත්කිරීමට ඉල්ලීම කරන්න පුළුවන්
විධුර වික්‍රමනායක කියන්නේ කිසිම වැඩකට නැති ඇමතිවරු වගේම අවස්ථාවාදී කෙනෙක්. ඔහුට කළ හැක්කේ කුමක්ද, ඔහු මෙතෙක් කර ඇත්තේ කුමක්ද? ඔහු කතා කරන්නේ පමණි.
ඔක්කෝටම පිස්සු
ඇමැතියාට මුකුත් බැහැ තමයි, අර පොඩි කතානායක කෙනෙක්ට සම්බන්ධ අයෙක් රම්බා විහාරය ඩෝසර් කරන්නේ අගේට...!