ගිනි අවිය ගුවන් යානය පැය හතරක් ප්‍රමාද කරයි කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා ( Sky Marshall) සිය උණ්ඩ පිරවූ ගිනි අවිය සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය (Transit Passenger Terminal) වෙත පැමිණ සිටියදී ,කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගැනීම නිසා එම ගුවන් යානය පිටත්ව යාම පැය හතරකින් පමණ ප්‍රමාද වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය . 07 May 2023
වෙසක් බලා රෝහලටත් යයි වෙසක් සිරි නරඹා නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් කුඩා ලොරි රථයක් අද අළුයම 5.45 ට පානදුර වලාන ප්‍රදේශයේදී පෙරළී යාමෙන් කුඩා දරුවන් තිදෙනකු ඇතුළු දස දෙනකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. 07 May 2023
තරුණයකු සමග හෝටලයට ආ දැරියගේ නිරුවත් සිරුර සොයා ගනී ගාලු පාර කළුතර ප්‍රදේශයේ හෝටලයකට තරුණයකු සමඟ පැමිණි 16 හැවිරිදි දැරියගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ වැටී තිබියදී සොයා ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි. 07 May 2023
අලි එළවන්න ගිය සිවිල් ආරක්ෂකයා අලි පහරින් මරුට ගෝමරන් කඩවල කරගහවැව ගම්මානයට අද සවස් කාලයේ කඩා වැදුණු වල් අලි රංචුවක් එලවීම ට ගිය නිලධාරීන් පිරිසක් අතරේ සිටි සිවිල් ආරක්ෂක බළකායේ භටයකුට වල් අලියකු පහරදීම නිසා එම භටයා මියගිය බව ගෝමරන්කඩවල පොලීසිය පවසයි. 06 May 2023
වල් අලියකු ගිරිතලේ නගරයේ යකා නටයි පොලොන්නරුව ගිරිතලේ මාර්ගයේ දියබෙදුම නගරයට අද දහවල් කඩා වැදුණු වල් අලියකු කඩ සප්පු හා නගරයේ නවතා තිබු වාහනවලට හානි කරමින් ඒවා විනාශ කළේය. 06 May 2023
ගිරිතලේ වනජීවී පුහුණු හා පර්යේෂණ ආයතනය විවෘත කරයි වනජීවී සම්පත මෙරටට විදේශ විනිමය ගෙන ඒම සඳහා යොදාගත හැකි බවත් දිවි දෙවෙනි කර රාජකාරි කරන වනජීවී නිලධාරීන්ට රාජකාරිය තුළ සිදුවන අනතුරු සහ ජීවිතය අවසන්වීම් වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 06 May 2023
පුංචි ආණ්ඩුවේ නිලධාරීන්ට චෝදනා ජනතාවගේ හඬට කන් නොදීම ඇතුළු විවිධ ගැටලු සම්බන්ධයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පරිපාලන කටයුතු බාර ප්‍රධානීන්ට එරෙහිව මහජන පැමිණිලි දෙසීයකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තා වේ. 06 May 2023
ජනපති හිතා මතා මඟ හරිනවා ඇමැතිධුර දිගින් දිගටම ඉල්ලා ජනාධිපතිවරයාට ඇවිටිලි නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) දැඩි තීරණයක් ගෙන ඇත. 06 May 2023
වෙසක් නිමිත්තෙන් විශේෂ දුම්රිය දෙකක් වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා දෙකක් හෙට 7 අනුරාධපුරයේ හා බදුල්ලේ සිට කොළඹ කොටුව හා බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. 06 May 2023
ජනපති චාල්ස් රජු හමුවේ තෙවන චාල්ස් රජු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ලන්ඩන් නුවර දී සිදු කෙරිණි. 06 May 2023
සෞඛ්‍ය සේවකයා රෝගීන්ගේ ඔක්සිජන්වලටත් ඇරලා පොළොන්නරුව මහ රෝහලේ, පිරවු හා හිස් ඔක්ස්සිජන් සිලින්ඩර් 80 සොරකම් කර පිට පළාත්වලට විකුණු රෝහලේ ඔක්ස්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්ය සහායකයා ඇතුළු හය දෙනකු, ලොරි රථයක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 06 May 2023
මීළඟ පොලිස්පති කවුද? නව පොලිස්පතිවරයකු පත්කිරීම ලබන මස අගදී සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 06 May 2023
ප්‍රතිත්‍රස්ත පනතට ආණ්ඩුවත් බෙදේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 06 May 2023
කෝටි ගණනක් විදයම් කළත් අලි වැට වැඩක් නෑ වන අලි ගම්වැදීම වැළැක්වීම සඳහා ඉදිකර ඇති අලි වැටවල් ආරක්ෂා කිරීමට යොදවා ඇති පිරිසට වැටුප් ගෙවීම සඳහා වසරකට රුපියල් කෝටි පන්සියයක් පමණ වැයවන බව ද හෙතෙම සඳහන් කළේය. 06 May 2023
චාල්ස් රජුගේ රාජාභිෂේකය ඇරැඹේ තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේක මංගල්‍ය උත්සවය මේ වනවිට ආරම්භ වී ඇත. දහස් සංඛ්‍යාත ජන හරසර මැද ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ දී රාජභිෂේක මංගල්‍ය උත්සවය පැවැත්වෙන්නේ ලෝක නායකයන් ඇතුලු ආරාධිත අමුත්තන් 2000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙනි. 06 May 2023
තැන තැන තොරණ:බැතිමතුන්ගෙන් කොළඹ පිරේ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරමින් රටපුරා වෙහෙර විහාරස්ථාන වෙසක් සැරසිලිවලින් අලංකාර විය. 06 May 2023
ජනපති පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුව අමතයි රටවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහය දැක්වීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයට වැදගත් කාර්ය භාරයක් පැවරී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර දී පැවසීය. 06 May 2023
රටෙන් භාගයක්ම ඉගෙනුමට:බෙහෙතට පස්ස ගහලා මෙරට ජනගහනයෙන් සියයට හතළිහකට වැඩි පිරිසක් ආහාර සඳහා යන අධික වියදම හේතුවෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍යයට වෙන් කරන මුදල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම වාර්තාව පෙන්වා දෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 06 May 2023
වෛද්‍ය හරින් ද සිල්වා රාජාභිෂේක උත්සවයට චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගිවීමට බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෛද්‍යවරයකු වන හරීන් ද සිල්වා මහතාට ද ආරාධනා ලැබී තිබේ. 06 May 2023
අද දවස ගැන කාලගුණයේ අනාවැකිය බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 May 2023
ඉන්ධන බවුසරය වහලය උඩ කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් රැගත් තෙල් බවුසරයක් අද (06) අලුයම 2.30 ට පමණ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි. 06 May 2023
බුදුපිළිමය හෝදන්න නොදුන්නැයි නායක හිමියන් ගස් බැඳලා වෙසක් පුන් පොහෝ අළුයම මැදවච්චිය ප්‍රදේශයේ විහාරස්ථානයකට මුහුණු ආවරණය කරගෙන කඩා වැදීණු පිරිසක් එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමි නමක බුදු මැදුරේ කොන්ක්‍රීට් කණුවක තබා ගැට ගැසූ බව කියන විහාරස්ථානයේ දායකයන් පස්දෙනෙක් මැදවච්චිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 06 May 2023
රුහුණු රට මහා මංගල්‍යයට කප් සිටුවයි ඓතිහාසික රැහුණු මහා කතරගම දේවාලයේ 2023 ඇසළ මංගල්‍යයට කප් සිටුවීම අද උදැසන සුභ මොහෙතින් සිදු කළේය. 06 May 2023
ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති ක්‍රීඩා පනතක් එයි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නව ක්‍රීඩා පනතක් සකස් කිරීමට අදාල යෝජනා මාසයක් ඇතුලත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදීමට ඒ වෙනුවෙන් පත් කළ කැබිනට් අනුකාරක සභාව තීරණය කර ඇත. 05 May 2023
ලාංකිකයන්ට අලුත් හැඳුනුම්පතක් දෙන්න ඉන්දියාවේ සහාය ලාංකිකයන්ගේ ජනජීවිතයට බලපාන ව්‍යාපෘති තුනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුවී ඇත. 05 May 2023
ලක්ෂ 10 එළවළු දන් දෙයි වෙසක් පොහෝය නිමිත්තෙන් පිලිමතලාවේ ව්‍යාපාරිකයෙක් රුපියල් ලක්ෂ 10 එලවළු දන් දුන්නේය. 05 May 2023
ලොකුම තොරණ පානදුරේ මෙරට විශාලතම තොරණ ලෙස සැලකෙන පානදුර එක්සත් පොදු වෙළෙඳ සංගමය මගින් ඉදිකළ පානදුර හොරණ ප්‍රදර්ශනය කළේය. 05 May 2023
මිලක් නැති වට්ටක්කා ගෙඩි පිටින් දන්දෙයි තලකිරියාගම තෙන්නකෝන්පුර ප්‍රදේශයේ ගොවි මහතකු අක්කර දෙකහමාරක සාර්ථක වට්ටක්කා අස්වැන්න වෙසක් පුන් පොහෝ දින දන් දුන්නේය. 05 May 2023
පළාත් තුනක ආණ්ඩුකාරවරුන්ට ගෙදර යන්න කියයි පළාත් තුනක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී තිබේ. 05 May 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026