(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ සම්මේලනයේ සාමාජිකයින් පිරිසක් විසින් ලාභාංශ ලබා ගැනීමේ අරමුණින් පෞද්ගලික ආයතනයක තැන්පත් කරනු ලැබූ රුපියල් කෝටියකට අධික මුදලක් පිළිබඳව විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ අද (28) කරුණු වාර්තා කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ශ්‍රවණාබාධ සංගමයේ සභාපති අනිත් ජයවර්ධන මහතා විසිනි.
ශ්‍රී ලංකා බිහිවූ බිහි වූ වන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකයන් 48 දෙනෙකු ට අයත් රුපියල් එක්කෝටි හාර ලක්ෂ තිස් දෙදහසක මුදලක් ලාභාංශ ලබා ගැනීමේ අරමුණින් "විස්කෝස් මෙටා" නමැති පුද්ගලික ආයතනයේ තැන්පත් කරනු ලැබේ ලැබ තිබූ බවත්, පසුව එම ආයතනය අදාළ ලාභාංශ ලබා නොදී විශ්වාසය කඩකර ඇතැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත්, ඊට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පොදු අරමුදලක මුදල් රටේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක තැන්පත් නොකර මේ අදම අහපු, මේ වගේ එකක තැන්පත් කළේ ඇයි? හොයා බැලුවොත් හෙලිවෙයි. බොහෝවිට මේවාට කොමිස් තියෙන බව පැහැදිලිවම. රටේ සම්මාදම් සල්ලි මෙහෙම වෙනවාට තීරණ ගත්තු අය වගකීම් ගත යුතුයි...