
(ජේ.ඉඳුරුවගේ)
එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති 11 වන "MTM Young Achievers" සහ "MTM Music & Entertainment" යන සම්මාන ප්‍රදානෝත්සවයේදී MTM YOUNG ACHIEVERS AWARD 2023 සම්මානය ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් සහභාගි වූ 15 හැවිරිදි යෙනුලි බිනාරා ට හිමි වී තිබේ.
විවිධ දක්ෂතා ඇගයීම වෙනුවෙන් පැවති මෙම තරගාවලියේ සිටි ලාබාලම තරගකාරියද යෙනුලි බව සඳහන් වේ.
මෙම සම්මාන තරගාවලියේ අවසන් වටයේ තරගකාරියක ලෙස තේරී පත්ව සිටි යෙනුලිට ලොව පුරා විවිධ රටවල්වල තරඟකරුවන් රාශියක් අතරින් මෙම සම්මානය දිනා ගැනීමට හැකිවී තිබේ.
කොළඹ උපන් යෙනුලි දැනට එක්සත් රාජධානියේ මවුපියන් සමග වෙසෙමින් අධ්‍යාපනය හදාරන අතර ඊට පෙර ඕමානයේ ශ්‍රි ලංකා පාසලේ අධ්‍යාපනය ලබා ඇත.
පසුගිය වසර තුනක කාලය තුල සංගීතය,ගායනය,කථික ,රංගනය ආදී අංශ ගණනාවකින් රටවල් කිහිපයකම තරග රැසකින් ජයග්‍රහණ හිමි කර ගෙන ඇත. ව
යස අවුරුදු 12 දී හන්ඩ්‍රඩ් නැමති ජාත්‍යන්තර සංවිධානයක ලොව ලාබාලතම තානාපති ලෙසද තේරි පත්ව සිටියාය.
"මෙය හොඳ නව ලෝකයක් ගොඩ නගන්නට මහන්සිවෙන මගේ ගමනට විශාල ජයග්‍රහණයක් සහ අභිප්‍රේරණයකි .
මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත් 25 දා එක්සත් රාජධානියේ මැරියට් බ්‍රිස්ටල් හි ඩෙල්ටා හෝටලයේදී පැවැත්විණි .
2025 දෙසැම්බර් මස 16
83
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
880
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලිට
Muthu Wednesday, 29 November 2023 09:31 AM
සැබෑ සම්මානයක, ජනප්‍රිය බවක බරක් තියෙන බව අපිට / සමාජයට දැනෙනවා. මේ ඒ වගේ එකක්. බොල් හිස් සම්මානයක් නොවේ.
රංබොඩ Wednesday, 29 November 2023 09:38 AM
දක්ෂතාවයන් ගැනස තුටුයි. නමුත් රට දාලා ගිය කෙනෙක්ගෙන් රටට යහපත් වේ යැයි උදම් ඇනිය නොහැක.