(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රනිල් වික්‍රමසිංහ මහතා මීට පසු ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමා හූණා කිව්වා සේ පවසන්නේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (28 ) පැවසීය.
"කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් අනේ පව් කියලා තමයි මට කියන්න වෙන්නේ" යැයිද ඔහු සඳහන් කළේය. ඔහු ජාත්‍යන්තර සංවිධානයක තනතුරක් ලබාගෙන ඉදිරි කාලය වැජඹීමට බලාවි යැයිද මන්ත්‍රීවරයා කීය. ජනාධිපතිවරණ අපේක්ෂකයෝ දැන් ගොඩක් සිටින බවත් පඳුරකට ගැහුවොත් හැටක් විතර සිටින බවත් වීරවංශ මහතා කීවේය.
ජනාධිපති පුටුවට ගිය පසු ඔහුගේ සියලු කටයුතු අවසන් වන හෙයින් එතනින් එහාට මේ රටේ අනාගතය ගැන ඔහුට වගකීමක් නැතැයිද අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන නොහිතන නායකයෙකු අත යැයිද මන්ත්‍රීවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන ඉන්නේ තමන් ගැනවත් නොහිතන රට ගැන කොහොමත් නොහිතන සාගල ගැන විතරක්ම හිතන නායකයෙක්
මෙයා ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලයේ රෑට රෑට මහින්දව හමුවෙලා විස්කි ගහන ගමන් පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු මහින්දට දුන්නා කියලා රාවයක් තිබුණා ඒ නිසා තමයි පක්ෂයෙන් නෙරපුවේ. මේ දවස්වල රනිල්ව කොහොම උනත් සාගලවත් රෑට රෑට හමුවෙන්න යනවද දන්නේ නැහැ.
තමන්ගේ චන්ද ගොඩ ගැනවත් නොසිතා රට ගැන සිතා තීරණ ගත් නායකයා ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් ඉවත් කරන්නට පළමු ගල ගැහුවේ තමුන් සහ ගම්මා. ඊට පස්සේ තමයි බුරියානි කල්ලිය සටන අතට ගත්තේ. ඒ නිසා රට දැන් පත්ව ඇති තත්වටය ඔබත් වගකිව යුතුයි.
අපොයි ඔව් මෙයා වැඩකරලා තියෙන්නේ එයාගේ පවුලයි වටේ ඉන්න කොල්ලෝ බල්ලෝ ගැන හිතලා මිසක් රට ගැන හිතලද ?
රනිල්ට ජාත්‍යන්තර සංවිධානයක තනතුරක් දෙන්න තරම් ජාත්‍යන්තර සංවිධානවල ඉන්නේ මෝඩයෝ නොවේ. රට බංකලොත් කරපු රනිල් වගේ අයට තනතුරු දෙන්න තරම්, ඔවුන් මෝඩයෝ නොවේ. අපි නම්, ඔයාවත් රනිල්වත් වෙන වෙනම බලන්න නැහැ.
අපේ ගමේ හිටිය එකෙක් මිනිහ කියන්නේ පනික්කි සාස්තර. එයා හරි දක්ෂයි හොර උප්පැන්න හා හොර පස්ස්පෝර්ට් හදපු උන්ව අල්ලගන්න හැටි කියන්න, ඒ වගේම වයාග්‍රා ගහල කොල්ලෝ මැරෙන්නේ ඇයි, සමහරු තාත්තාගෙන් ලැබුණු වාසගම වෙන්ස්කරන්නේ ඇයි වගේ දේවලුත් හරියටම කියන්න .
ඔබත් මේ ව්‍යසනයට වගකිව යුතුයි. දැන් මගේ නෙමෙයි වගේ ඉන්නේ.... පුදුම අවස්ථාවාදියෙක්.
වඩුගයා දන්නවා පොහොට්ටුව උන්ගේ කෙනෙක් ජනාධිපති අපේක්ෂක ලෙස ආවොත් වඩුගයාට චන්දෙ දෙන්න කෙනෙක් නැතිබව.