
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ විදේශ විනියමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් ලක්ෂ 50ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එහිදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක් ඔස්සේ සංචාරක ව්‍යාපාරය කටයුතු කළ යුතු යැයි ජනාධිපතිවරයා කීය.
ඉදිරි වසර කිහිපය ඇතුලත ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 75 දක්වා වැඩි කිරීමට සංචාරක ක්ෂේත්‍රයේ සැලසුම් සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 58 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.
ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කළ සේවය වෙනුවෙන් ශ්‍රීලාල් මිත්තපාල සහ හිරාන් කුරේ යන මහත්වරුන් වෙත යාවජීව සම්මාන දෙකක් පිරිනැමීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිපියෝ වගේ සෙට් එකකට ප්‍රමෝට් කරලා .උඹලා සෙට් එකම ගෝල ෆේස් පෝලිමට ඉඳන් එක සුද්දෙක් ගෙන් ඩොලර් එකක් අරන් නැමියල්ලා .වෙන මේකට කරන්න දෙයක් නෑ .අපි ඉදිරි මැතිවරණය එනතුරු බලා සිටින්නේ ඔබට අමතක නොවන ප්‍රතිකාර ලබා දීමටයි "lollo" සෙට් එක
කටින් බතල හිටුවන් අප්පුහාමිගේ තව්ටැහැ එක නරිවාඩමක් විතරයි
ඕක ඕනේ කෙනෙක් දන්නා දෙයක්නේ. ඕකට රැස්වීමක් තියන්ට ඕනෙද?
ඇයි දැන් මේ සංචාරකයෝ මත්තේම එල්ලිලා ඉන්නේ? කලින් ලංකාවට ඩොලර් ගෙනාවේ සංචාරක කර්මාන්තය නෙමෙයි නේද? අපේ තේ, ගාර්මන්ට් සහ අනිත් විදේශ විනිමය හොයපු කර්මාන්තවලට මොකද වෙලා තියෙන්නේ?
අර අපතයෝ දෙන්නා දකිද්දීත් අප්පිරියයි
පළමුව පොදු පහසුකම් දියුණු කරන්න. රටේ කොහේවත් පොදු වැසිකිළි නැතිව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කොහොමද කරන්නේ...? දේශීය සංචාරකයෙකුටවත් යන්න තැනක් නෑ. අනික ආහාර සැපයුම. සාමාන්‍ය ආපනශාලාවල විවිධ කෑම නෑ. අපිරිසිදුයි. සේවකයනුත් ජරාව පෙරාගෙන...