(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
නීතිඥවරයකුට අයත් අහංගම කතලුවේ සංචාරක නිකේතනයට අද (28) අලුයම ඇතුලුවු අවිගත් දෙදෙනකු නීතිඥවරයා සහ ඔහුගේ පවුලේ අය සිටිනවාදැයි විමසා ඔවුන් නොමැති බව දැන ගැනිමෙන් පසු ආරක්ෂක නියාමකවරයා පැහැරගෙන ගොස් අතරමග දමාගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
අලුයම 2.30ට පමණ සුදු පැහැති ප්‍රාෙඩා් වර් ගයේ වාහනයකින් පැමිණි දෙදෙනෙකු ටී 56 ගිනි අවි දෙකක්ද රැගෙන සංචාරක නිකේතනයට ඇතුලුවි නීතීඥවරයා හෝ ඔහුගේ පවුල් අය සිටිනවාදැයි ආරක්ෂක නියාමකවරයාගෙන් විමසා ඇතැයි පොලිසිය කියයි.
ඔවුන් නොමැති බව ආරක්ෂක නියාමකවරයා පැවසුවිට පැමිණි දෙදෙනා ගිනි අවි එල්ලකර බිය වද්දා ආරක්ෂක නියාමකවරයා වාහනයට දමාගෙන දැස් බැඳ පැය එකහ මාරක පමණ කාලයක් ඇවිද ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ද ලබාගෙන මුදල් බොස්ගෙන් ඉල්ලා ගන්නා ලෙස පවසා පිටව ගොස් තේ කඩයකින් තේබි ආරක්ෂක නියාමකවරයාටද බිත්තර රොටියක් කන්නට දි සංචාරක නිකේතනයට කිලෝ මිටරයක් දුරින් වැල්හේන්ගොඩ ප්‍ර දේශයේ දමාගොස් ඇතැයි පොලිසිය කියයි.
ඔහු පවසා ඇත්තේ එම වාහනයේ ලියා පදිංචි අංකයක්ද නොතිබු බවය.පසුව ඔහු පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කර ඇත.ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතාගේ උපදෙස් පරිදි අහංගම පොලිස් ස්ථානාධිපති ප්රාධාන පොලිස් පරික්ෂක නාලක ජයවිර මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් පරික්ෂන පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd