(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28 ක පමණ පාඩුවක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 46 ක පමණ පාඩුවක්ද ලබා ඇතැයි අමාත්‍යවරයා කීවේය.
මහ භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන තවදුරටත් ලබාදීමට අපහසු බව පෙන්වා දුන් ගුණවර්ධන මහතා එම ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයිද ප්‍රකාශ කළේය.
ආණ්ඩුවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍යවලින් ප්‍රමාණවත් ප්‍රචාරණයක් නොදෙන බව කාරක සභාවේදී අදහස් ඉදිරිපත්ව ඇත.
පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතා මාධ්‍යවලින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු ඒ පහසුකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවද ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 23 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා දන්නේ ඔච්චාරාම තමයි .විකුණන්නයි ණයට ගන්නයි බදු ගහන්නයි විතරයි
රජයේ ජනමාධ්‍ය ආයතන සියල්ලම ඔය වගේ කිව්වාම වැරැදි නැහැ.
ඒ කාලේ ඇද ළඟ සරමක් තිබුන නම් රට්ටු අද මෙච්චර බනින්නේ නැ බන්දු පුතේ
1959 න් පස්සේ සුපිරියටම තිබිලා තියන පුද්ගලික අංශය පාලනය කල ප්‍රවාහන සේවය ,ඉන්ධන අලෙවිය වගේ දේවල් ජනසතු කරලා,දැන් ආපහු ජනසතු කරපුවා අනසතු කරනවා රට බංකොලොත් නිසා
ඒ තමයි දේශපාලනය කිරීමේ හෝ වීමේ ප්‍රරතිඵල...
මහලොකු ආර්ථික ඔස්තාර්ල කරන්නේම විකුණන එක. ඔබලාට යන්න අලුතින් අපායවල් හැදෙමින් තියෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ දුක් අඳෝනා කල්ප ගණනක් විපාක දෙනවාමයි...
අනේ මන්දා බන්දුල.......... ඔයාගේ අනාවැකි නම් තුට්ටුවකට ගණන් ගන්න බැහැ . මොකද ඔයා කියන දේවල් ඔක්කොම කණපිට ......?
ශ්‍රී ලංකාවේ ප්‍රථම සේම දීර්ඝ කාලයක් පුරාවටම ශ්‍රව්‍යය මාධ්‍යයක් ලෙස ප්‍රේක්ෂකයන් ගේ හදවත් හා බැඳුනු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වටා එක්රොක් වී සිටියා..රූපවාහිනී යද එසේමයි..ඒත් අද වන විට FM නාලිකා පඳුරකට ගැසුවොත් පොදි පිටින් විසි වෙන තරමටම බිහිවී ඇත.ඒ අනුව ශ්‍රී ලංකාගුවන් විදුලි සංස්ථාව ට ලැබෙන්නේ ඉමහත් ගෞරවය කි. ශ්‍රවක හදවත් වල මැකී නොයෙන මතකයන් අදටත් සිහි කරන්නේ අමානන්දයෙනි, ගුවන් විදුලියේ මහගෙදර ලෙස හැදින්වෙන ගුවන් විදුලි සංස්ථාව හරහා ප්‍රබුද්ධ කලා ශිල්පී ශිල්පිනියන් , ප්‍රබල අග්‍රඝනයේ මාධ්‍යය වෙදීන්ගේ තිඹිරිගෙය වූ මෙම ආයතනය අද වෙන කොට පාඩු ලබනවා කියන්නේ එකී වහූවය තුල කුමක් හෝ එදා නොතිබුන අද ඇතිවෙලා තියෙන ලොකු අඩුවක් බව අප කවුරුත් අවබෝධ කරගතයුතු කරුණකි..කොටින්ම කිවහොත් එය මජඩ දේශපාලුවන්ගේ අඳුරු සෙවනැලි හොල්මන් කිරීමෙන් හා එකී ආයතන උන්ගේ හෙන්චයියලාගේ කදවුරක් වූවාය යන යතාර්තය මත ගුවන් විදුලිය, රූපවාහිනී ය යන ආයතන දෙකටම කනකොකා හඬලා ඇති බවට පසක් කරගත යුතු පරම සත්‍යය එයයි....
ආණ්ඩුවේ හොරණෑව ආණ්ඩුව වගේම තමයි. වැඩසටහන් අතිනුත් මුදල් අතිනුත් බංකොළොත්...
රාජ්‍ය පාලනය යටතේ ඇති මොන ආයතනයද පාඩු නොවිදින්නේ? ඒත් ඒහා සමාන පෞද්ගලික ආයතන දිනෙන් දින ලාභ ලබමින් දියුණු වීම සහ රාජ්‍ය ආයතන පාඩු ලැබීම එම ආයතන වල කළමණාකරණය පිළිබද ගැටළුවක් නොවේද?
ගුවන් විදුලියෙ යාවජීව මඩකරි සභාපති ඉවත් කර මොළය තියන මිනිහෙක් දාන්න එතකොට මිනිස්සු ඕක අහවි, උදේ පැයේ දෙකේ රටේ වැදගත් අයට මඩ ගහන එක තමයි දැනට කරන්නෙ