(අංජුල මහික වීරරත්න)
මඩුවන්වෙල නින්ද ගම වත්ත ඉඩමෙන් කොටසක් සීමාසහිත දුම්කොළ සමාගම වෙත වන වගාව සඳහා බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
එකී සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති වාර්තාව අගැයීමට ලක්කර ඇති අතර ඒ අනුව මඩුවන්වෙල නින්දගම වත්ත නැමැති ඉඩමෙන් අක්කර 80 රූඩ් 3 පර්චස් 25ක් සීමාසහිත දුම්කොළ සමාගම වෙත වන වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් දිගු කාලීන බදු පදනම මත වසර 30 ක කාලයක් සදහා ලබා දීම පිණිස සංචාරක හා ඉඩම් ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම් කොළ වගා කිරීම නීති විරෝධී ක්‍රියාවක වේ
වන වගාවක් කරනවා නම් ඉතාමත් හොඳයි... වගාව ආරම්භ කිරීමට පෙර දුම්කොළ වගාව කළොත් තමයි නරක. ඔය පැත්තේ ඩයනා වගාව හොඳින්ම කරන්න පුළුවන් කියලා හිතෙනවා. ඒකත් 2022 අයවැය මගින් අනුමත වගාවක් නේද? ඒ වගේම ඔය ප්‍රදේශවල රතුලූනු, මිරිස්, කෙසෙල් හොඳින්ම වැවෙනවා. පැඟිරි වගාව වුණත් කරන්න පුළුවන් කියලා හිතෙනවා. කොහොම වුණත් සූරියකන්ද ප්‍රාදේශයේ වගේ පයිනස් වගාව නොකර දේශීය වන වගාවක් හෝ තේක්ක වගාව කළොත් ඉතාමත් හොඳයි..