චීන ණය ගැටලුව විසඳීමට එකඟතාවයකට ශ්‍රී ලංකාව සහ චීන අපනයන-ආනයන බැංකුව මෙරට චීන ණය ගැටලුව විසඳීම සඳහා මූලික එකඟතාවයකට පැමිණි බව එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 10 October 2023
ජපානයෙන් ලංකාවට හිත පිරෙන්න තෑගි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට සිදු කළ ප්‍රදානයන් නිල වශයෙන් බාරදීම ජනාධිපති කාර්යාලයේ දී අද(10) සිදු විය. 10 October 2023
බේරුවල කත මැරු සැකකරු මාට්ටු බේරුවල ගාලු පාර හෙට්ටිමුල්ල වද කහවෙල ප්‍රදේශයේ නිවසක මෙහෙකරු සමග වාසය කළ විවාහක කාන්තාවකගේ ගෙල නයිලෝන් වර්ගයේ කඹයකින් ගැටගසා හිසට ද මල් පෝච්චියකින් පහර දී තුවාල කර ඝාතනයකර ඉකුත් 7 දින පැනගොස් සිටි නිවසේ මෙහෙකාර 58 හැවිරිදි සැකකාර පුද්ගලයා මිරිහාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය අද (10)පස්වරුවේ පැවසීය. 10 October 2023
විදෙස් රාජ්‍ය ඇමතිවරියෝ දෙදෙනෙක් ජනපති හමුවෙති ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය (Dr. Naledi Pandor) අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. 10 October 2023
කුසල් මෙන්ඩිස් රෝහල් ගත කරයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව හයිද්‍රාබාද්හිදී දැන් පැවැත්වෙන තරගයේදී ශතකයක් රැස් කළ කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 10 October 2023
ශ්‍රී ලංකා පිල ලකුණු 344ක් රැස්කරයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 8 වැනි තරගය ලෙස ශ්‍රී ලංකව සහ පාකිස්තානය අතර හයිඩ්‍රාබාද්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු 344 ක් රැස්කිරීමට සමත් විය. 10 October 2023
පුද්ගල ඝාතනයකට තිදෙනෙකුට මරණ දඩුවම වසර 31 කට පෙර පොලුමුගුරු වලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ තිදෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද මරණ දඩුවම නියම කර තවත් පුද්ගලයකුට වසර 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කලේය . 10 October 2023
මේ මස අග විදුලි බිලත් ඉහළට විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක කර ඇති ආකාරයට මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් අද (10) පැවසීය. 10 October 2023
පෙම්වතිය තරහා වුණාට නිරුවත් පින්තූර ගේට්ටුවේ අලවලා අමනාප වූ පෙම්වතිය ගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙ ඇල වූ බව කියන තරුණයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 10 October 2023
ජනපති චීනෙ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා මෙම 14 වැනි දා චීනය බලා පිටත්ව යාමට නියමිතය. 10 October 2023
සුරාබදු ආදායම කෝටි 100කින් ඉහළ ගිහින් ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් අත්අඩංගුවට ගැනීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව කළ නියෝගයෙන් පසුව වැටලීම්වලින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම මාසයක් තුළ රුපියල් කෝටි 100කින් ඉහළ ගොස් තිබේ. 10 October 2023
ජනපතිගෙන් කථානායකට උපන්දින කේක් ගෙඩියක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කේක් කපා උපන්දින සුබ පැතුම් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 10 October 2023
කෘෂිකර්ම කම්කරු දීමනා වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක් කෘෂිකර්ම පර්යේෂණ ගොවිපොළ වල දෛනික වැටුප් යටතේ සේවය කරන කම්කරුවන්ගේ දීමනාව වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 10 October 2023
යොවුන් සේනාංකය එක්කෝටි විසි හතර ලක්ෂයක් අතහැර දාලා ජාතික යොවුන් සේනාංකය ආයතන දෙකකින් රුපියල් එක්කෝටි විසි හතර ලක්ෂයක මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 10 October 2023
වටද්දර සමුළුව හෙට කොළඹදී ඉන්දියානු සාගර කලාපීය සංගමයේ (අයි.ඕ.ආර්.ඒ) එළඹෙන 11 වැනිදා කොළඹදී පැවැත්වෙන ප්‍රධාන අමාත්‍ය සමුළුව සඳහා සහභාගී වන රටවල් 16 ක අමාත්‍යවරුන් අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාද සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. 10 October 2023
මත්පැන් දුම්වැටි ගැන නොදන්න කතාවක් මැතිසබයට දුම්වැටි හා මත්පැන්වලින් ආණ්ඩුව උපයන මුදලමෙන් තුන් ගුණයක් මත් උවදුරට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර වෙනුවෙන් වැය කරන බව සෞඛ්‍යය විශේෂඥයෝ පිරිසක් රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවසූහ. 10 October 2023
ගී විනිස කෘතියක් ලෙස ඔබ අතට ශෂි ප්‍රභාත් රණසිංහ ලංකාදීප වෙබ් අඩවියට ලියූ සුභාවිත ගීත විචාර ලිපි එක්තැන් කළ ’’ගී විනිස’’ ග්‍රන්ථය එළි දැක තිබේ. 10 October 2023
ජැක්සන්ගේ දේහයට හිටපු ජනාධිපතිගේ අවසන් ගෞරවය අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (10) පෙරවරුවේ ගෞරව දැක්වීය. 10 October 2023
දියේ ගිලි අතුරුදන් වූවායැයි කියන තරුණයෙක් සොයා මෙහෙයුම් කටුවැල්ලේගම ප්‍රදේශයේ ඇළ මාර්ගයක දියනෑමට ගිය දහනව හැවිරිදි තරුණයකු ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔහු සමග දිය නෑමට ගිය සෙසු තරුණයින් දෙදෙනා ගෙන් ප්‍රශ්න කරන බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. 10 October 2023
යුද්දයට මැදි වූ ලක්කත මිය ගිහින් පලස්තීනය සහ ඊශායලය අතර යුද්ධයේදී අතුරුදහන්ව සිටින කාන්තාව මරණයට පත්ව ඇතැයි ඊශ්‍රායල තනාපති ආරංචි මාර්ග සඳහන් කරන බවත් ඇයට හමාස් සංවිධානයේ සාමාජිකයන් තැබූ වෙඩි ප්‍රහාරයකින් සේවා ස්ථානයේදී මරණයට පත්වූ බවත් විදේශ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 October 2023
ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 8 වැනි තරගය ලෙස ශ්‍රී ලංකව සහ පාකිස්තානය අතර අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමු ලකුණු රැස්කිරීමට තීරණය කළේය. 10 October 2023
දුරකතන ආරවුල මරණයෙන් කෙලවර වෙයි ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 24 හැවිරිදි තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි කොටහේන පොලීසිය කියයි. 10 October 2023
ක්‍රීඩා ඇමතිගෙන් තරුෂිට සුබ පැතුම් ආසියානු ක්‍රීඩා උළෙලේදී වසර 21 කට පසුව මලල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනූ ශ්‍රී ලංකා මැදිදුර ධාවන ශූරී තරුෂි කරුණාරත්නට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සුබපැතුම් එක්කළේය. 10 October 2023
ගල්ල-මාතර පාසල් හෙට සිට යළි අරඹයි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජලයෙන් යටවි තිබෙන ප්‍රදේශවල පාසල් සහ අවතැන් කඳවුරු පවත්වාගෙන යන පාසල් හැර අනෙක් සියලුම පාසල් හෙට සිට යලි විවෘත කරන ලෙස උපදෙස් දුන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පැවසිය 10 October 2023
රට ගොඩ ගන්න තියෙන්නේ ’’වස්තු’’ දෙකයි ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමට ඇති එකම මාර්ග වන්නේ මෙරට භූගෝලීය පිහිටීම සහ මානව සම්පත පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 October 2023
නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැකෝට දන්වයි හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාගේ එම මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (9) දැනුම් දුන්නාය. 10 October 2023
පොල්මට්ට අස්සේ බීඩි කොළ ඉන්දියාවේ සිට හොර රහසේ ගෙනවිත් කොළඹට ප්‍රවාහනය කරන ලද කෝටි දෙකකට ආසන්න බීඩ කොළ තොගයක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලීසය පවසයි. 10 October 2023
වස්ගමුවේ පතල් කැපූ හතරක් මාට්ටු පොලොන්නරුව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟ පාලංකඩුව ප්‍රදේශයට ඇතුළත් වී නීතිවිරෝධීව අනවසරයෙන් පතල් කැණීම් සිදුකළ සිව්දෙනකු අද උදෑසන අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකය සඳහන් කරයි. 10 October 2023
ආයුර්වේද පනතට කතානායකගේ සහතිකය ආයුර්වේද ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා විධිවිධාන ඇතුළත් ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායකවරයා ඊයේ(9) සිය සහතිකය සටහන් කළේය. 10 October 2023
ලංකා -ඕස්ට්‍රෙිලියා ගිවිසුමක කාලය දිගු කරයි ශ්‍රී ලංකා , ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026