(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එළඹෙන උත්සව සමය වෙනුවෙන් කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
රටේ මහා පරිමාණ වී මෝල් හිමියන් වෙළඳපොළට කීරි සම්බා සහල් තොග නිකුත් නොකර සඟවා තැබීමෙන් කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් කෘතිමව නිර්මාණයවී ඇති හෙයින් එම හිඟය වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
මේ අතර උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 400 කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර ඇති බවද නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේදී පසුගිය 22 වැනිදා පැවැති එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උත්සව සමයට සහල් පිටරටින්
Bamunuarachchi Sunday, 26 November 2023 12:51 PM
මෝල් කාරයින්ට කෙලවෙලාම යන්න කීරි සම්බා ආනයනය කරන්න...
sugath Sunday, 26 November 2023 03:23 PM
වී මෝල් තුනක් මෙල්ල කරගන්ට බැරි "ආණ්ඩුව".
G. K. Ekanayake Sunday, 26 November 2023 08:23 PM
මෙයා ඉන්නේ ආනයනය කිරීම සඳහා පමණි. මේ වගේ වෙළඳ ඇමැතිවරුන්ට හෙන ගැසිය යුතුයි.
nihal Sunday, 26 November 2023 09:09 PM
ඔය සහල් ටික මෙහෙ හදාගන්නට සැලසුමක් තමුසෙගෙ ඔලුවේ තිබ්බේ නැතිද ඕයි
Bamunuarachchi Monday, 27 November 2023 07:48 PM
ඈ බොල nihal තමුසේ මොන ලෝකෙද ඉන්නේ? මොල් කාරයෝ ඔය හංගන් ඉන්න හාල් මෙහෙ තමයි හැදුවේ නිහාල්. පාහර ගොයියෝ අපේ බදු මුදලින් ලාබෙට පොහොර අරන් වී ටික මොල් කාරයින්ට දෙනවා. එහෙම බලනකොට අපේ බදුමුදලින් ප්‍රයෝජන ලබලා තිබෙන්නේ මොල් කාරයෝ.