(අංජුල මහික වීරරත්න)

කිසියම් මන්ත්‍රීවරයකුට සොරකම්, දූෂණ හා වංචා සම්බන්ධව චෝදනා එල්ල වන්නේ නම් විධිමත් පරීක්ෂණයකින් පසුව එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර පාර්ලිමේන්තුව මගින්ම අහෝසි කළ හැකි පරිදි නව නීති පාර්ලිමේන්තුව මගින්ම සකස් කළ යුතු යැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

බටඅත නව තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයේ ගොවින්ට කෘෂි උපකරණ ලබා දෙමින්  අමාත්‍යවරයා මේ බව කීය. 

තම වසර 29ක පාර්ලිමේන්තු ජීවිතයේදී මෙවැනි  විපක්ෂ නායකයෙක් දැක නැතැයි කී අමාත්‍යවරයා අතීතයේ සිටි විපක්ෂ නායකවරුන් සැමවිටම රජය විසින් ක්‍රියාත්මක කරන හොඳ වැඩ වලට සහයෝගය දුන් නමුත් වත්මන් විපක්ෂ නායකවරයා ජනතා ප්‍රශ්න විසඳීම සඳහ  කිසිදු ක්‍රියාමාර්ගයකට සහයෝගය නොදෙන බව පැවසීය.

කතානායකතුමා දවිපක්ෂ නායක වරයා තම බලතල අයථා ලෙස භාවිතා කිරීම පාලනය සඳහා පියවර ගත යුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මන්ත්‍රීවරුන්ගේ විනයගරුක භාවය ස්ථාපිත කිරීම සඳහා පත් කරන ලද නව කමිටුව මගින් ගෙන එන යෝජනා  සියලු මන්ත්‍රීවරුන් පක්ෂ භේදයෙන් තොරව සම්මත කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.