IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අගමැති වැඩ පෙන්වයි

(අංජුල මහික වීරරත්න)

 2022ට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසය වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය . 

ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023 ඔක්තෝබර් වනවිට 46%කින්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සිමාකර තිබේ. 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ  වියදම 2022දී 1310.4ක් වූ බවත්  2023 ඔක්තෝබර් වනවිට එම අගය රුපියල් මිලියන  705.7ක් දක්වා අඩු කර ඇතැයි අග්‍රාමාත්‍ය කීය.

අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබෙන ලිපිවලට පිළිතුරු සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක්කිරීම හේතුවෙන් තැපැල් හා සන්නිවේදන වියදම 36%කින් අඩුකර ගැනීමට හැකිවී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

 2022දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන 178ක් පැවතියත්, 2023 වර්ෂය අවසන් වනවිට ඇත්තේ සේවා අවශ්‍යතාවට ප්‍රමාණවත් වාහන 125ක සංචිතයක් පමණක් බවද  ඒ අනුව 2022දී පැවති රුපියල් මිලියන  239.2ක වාහන නඩත්තු වියදම 2023දී රුපියල් මිලියන 72.3 දක්වා70%කින් අඩුකරගෙන තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

 

 



අදහස් (12)

අගමැති වැඩ පෙන්වයි

Saman Sunday, 26 November 2023 05:23 PM

අජරාමර නිවන් සුව...!

:       1       2

මැක්ස් Sunday, 26 November 2023 06:20 PM

ගුණවර්ධන පරම්පරාව කොහොමත් රටට වැඩ කළ අය මිසක් විපක්ෂ නායකතුමා හෝ අකුදී තුමා වගේ කයිවාරු කාරයෝ නෙවෙයි.

:       7       7

විපරමා Sunday, 26 November 2023 08:03 PM

හැමදාම බලයේ ඉන්දන් වරප්‍රසාද බුක්ති වින්දිනවා මිසක් අහවල් දෙයක් රට වෙනුවෙන් කෙරුවා කියලා කියන්ඩ ද

:       5       4

Asela Sunday, 26 November 2023 09:00 PM

පුලුවන්නම් රාජපක්ෂලා හොරා කාපු සල්ලි ටික රටට අයකරගෙන පෙන්නන්න. අන්න වැඩ්ඩා. එදාට වැඩකාරයා.

:       2       6

සෙනෙවිරත්න Sunday, 26 November 2023 09:53 PM

බොහොම සනතෝශයි. ඔය දත්ත සත්‍ය නම්, එත් දැන්වත් වැටහෙනවද තමන් කොන්දේසි විරහිතව පෙනීහිටපු, කලින් ඔය පුටුවෙ හිටපු කෙනා රටේ මුදල් කොපමණ කාබාසිනියා කරල තියෙනවද.කියල. මේ අවසාන කාලෙවත් එඩිතරව බය නැතිව ඒ ගැන ප්‍රකාශයක් කරල පව් ටිකක් සමාකරගන්න.

:       1       6

Nimal Silva Sunday, 26 November 2023 10:22 PM

රුපියලේ අගය 2021ට අඩුවී ඇති හෙයින්, මෙය අගය කළ යුතුය.

:       0       0

Bamunuarachchi Monday, 27 November 2023 06:02 AM

කොළඹ නගරාධිපති වෙච්ච කෙනෙක් දසලක්ෂ ගණනක් එයාගේ කක්කුස්සියට වියදම් කල බව ඒකාලේ කියඋනා. ආදර්ශය උතුම් මෙතුමා ආදර්ශයට ගෙන අනිකුත් අයත් වියදම් අඩුකරනවානම් හොඳයි. එහෙම කෙරෙන්නේ කොහොමද පුතා වෙන රස්සාවක් කරන්නේ ඒත් ඌව private secretory හැටියට පෙන්නලා ඇමති තාත්තා ඒ වැටුපටත් කෙලිනවා. අනුර කුමාර දිසානායක මහතා බලයට ආවොත් ඕවා නවත්වයිද? ඝෝටාභය මහතා නම් ඕවා නවත්තන්න ඉදිරිපත් උනා නමුත් හිටපු කාලකන්නි ඒවාට ඉඩදුන්නේ නැහැ.

:       2       4

සමන් Monday, 27 November 2023 06:59 AM

ඔබ තුමා ගෙදර හරි මැරිලා හරි ගියානම අපිට ඔය මුලු මුදලම ඉතිරි කරගන්න තිබුන. සත පහක ප්‍රයේජනයක් නැති වියදමක් නෙ.

:       6       5

Rasika Monday, 27 November 2023 10:19 AM

ඔයාගෙ අකුදි ආවම ඔක්කොම ගෙදර යවලා තමතමන්ට ඕන විදියට වැඩ කරමු.

:       1       1

Nimesh Monday, 27 November 2023 02:07 PM

අරගලයට තමයි ස්තුති කරන්න ඕනේ, මොකද ඔතැන තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි රාජපක්ෂලාගේ නාස්තිකාර වියදම් වලට සමකරන්න මෙයාට තියා කාටවත් බැහැ...

:       1       1

Bamunuarachchi Monday, 27 November 2023 07:40 PM

ගෝඨාභයත් ප්‍රේමදාස වගේ උනානම් අරගලයට ස්තුති කරන හැටි බලාගන්න තිබුණ. එහෙනම් රෑට්ටල, බට්ටිලා, බෙට්ටල ගේ පුළුටු ගඳ තාමත් ගෝල්ෆේස් පිට්ටනියේ තිබෙනවා. දැක්කනේ රනිල් හමුදාපතිට දීපු order එක? මොන ක්‍රමයෙන් හරි නවත්තන්න. චීනේ කලා වගේ යුද්දටැංකි කීපයක් උන්ගේ ඔළු උඩින් යැව්වා නම් ඝෝටා තාමත් මෙරටේ ජනාධිපති. අපි එතුමා එතනට යැව්වේ ඔය ටික කරන්න කෝ කලේ නැහැ. කලානම් අරගල, වර්ජන, දෙමළුන්ගේ LTTE සැමරුම්, නැතිවෙලා මඩකලපුවත් සිංහල ගමක් වෙනවා.

:       0       0

Bamunuarachchi Tuesday, 28 November 2023 01:37 AM

Nimesh අරගලයට දැන් ස්තුති කරන්නේ හම්බයොයි දෙමල්ලුයි. ඔබ මොන පැත්තේද? හම්බ පැත්තට යන එක රිදෙන වැඩක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site