IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විපක්ෂයට බලය ගන්න හැකි හොඳම පාර ජනපති කියයි

(අංජුල මහික වීරරත්න)

විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආණ්ඩුව සමඟ කටයුතු කර ලබා ගන්නා පළපුරුද්ද අනුව ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක් බව සඳහන් කළේය.

ආර්ථික අර්බුදයේ දී විපක්ෂයේ දේශපාලඥයන් ආණ්ඩුවට සහයෝගය දැක්වූවා නම් මීට මාස කිහිපයකට පෙර රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට හැකිව තිබූ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සමඟ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති හමුවේදීය.

 



අදහස් (18)

විපක්ෂයට බලය ගන්න හැකි හොඳම පාර ජනපති කියයි

චන්දන Saturday, 25 November 2023 09:39 PM

හොඳම මාර්ගය අපි කියන්නම් ....ඡන්දෙ තියපල්ලකො ...

:       0       3

Ajith Saturday, 25 November 2023 09:54 PM

විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය විපක්ෂයේ රියදුරු මාරු කිරීමයි

:       0       1

CRISHAN Saturday, 25 November 2023 11:18 PM

හූ හූ

:       0       0

chandima Saturday, 25 November 2023 11:20 PM

ඒ පාර අංකූරු වැඩ උන්ටත් උගන්වන්නද යන්නේ ?

:       0       1

Amal Sunday, 26 November 2023 12:54 AM

අනේ මුගේ පළපුරුද්දයි, හොඳම මාර්ගයි !!! පොලිස්පති පත්කර ගන්න තරම් කොන්ද පණ නැති ආණ්ඩුවක් කොහොමද, රටේ අනාගත පරපුර වෙනුවෙන් සහ මහජනත්වගේ යහපතට රටක් පාලනය කරන්නේ..? රටේ ආර්ථිකය ගොඩ දාන්නේ..??

:       1       1

Bamunuarachchi Sunday, 26 November 2023 01:34 AM

රනිල් විපක්ෂයට දීපු හොඳම කනනේ පාර ලෙස මම දකින්නේ.

:       0       0

Rata Perata Sunday, 26 November 2023 03:15 AM

මනුස්සයෝ.. විපක්ෂයට බලය ගන්න හැටි කියන්න නෙමෙයි ඔයා ට අපි පඩි ගෙවන්නේ. රටේ තියෙන ප්‍රශ්න ගැන බලනවා පිස්සෙක් වගේ කියවන්නේ නැතුව.

:       1       1

Pankumburage Sunday, 26 November 2023 04:15 AM

මහ බැංකුව හොරා නොකෑවනම් රට බංකොලොත් නොවෙන්නත් තිබ්බ.

:       1       1

මැක්ස් Sunday, 26 November 2023 06:06 AM

සෙන්ස් ඔෆ් හියුමර් ඇට් ඉට්ස් බෙස්ට්! සජිත් මහත්තයටයි, අකුදී සහෝදර තුමාටයි හොද දේශපාලාන ටොක්කක්.

:       0       0

Nimal Sunday, 26 November 2023 07:07 AM

දවල් හීන .මේ දුරධාන්ත රජය සමග කටයුතු කරන සෑම පක්ෂයක්ම තවත් වැනසෙනවා .කිසිවක් නොකර බලා සිටියත් ,ලබන වසරේ මේ රජයේ බලවත් කඩාවැටීම හමුවේ බලය නිරායාසයෙන්ම ලැබෙයි

:       0       0

සුදත් Sunday, 26 November 2023 07:08 AM

මහ බැංකු සුද්ධ කරන පලපුරුද්දද ප්‍රසිඩන්ට් මහත්තයෝ.

:       1       0

Sumane Sunday, 26 November 2023 07:46 AM

අපේ අවාසනාවකට මේ රට බංකොලොත් වෙලා තියන තරමට මේ වගේ දේශපාලුවොන්ට හරි වාසියි , මොකද එතකොට රට ගොඩ ගන්න ,ගොඩගන්න කිය කියා දිගටම දේශපාලනයේ යෙදෙන්න පුළුවන් , බංකොලොත් කරන්නෙත් ඒ උදවියමයි ආපහු ගොඩගන්න පොරොන්දු දෙන්නෙත් ඒ උදවියමයි

:       0       1

Janahitha Sunday, 26 November 2023 08:20 AM

හොර මුලක් සමග එක්වෙන්න ඔහෙට අමු කැවිලද චන්දය දෙන්නේ ජනතාව මිසක් කොළඹ 7 ප්‍රජාව ද ?

:       1       0

Perera Sunday, 26 November 2023 08:29 AM

මෙයා කියන්නේ මෙයාලට බලයේ රැඳිලා ඉන්න පුළුවන් එකම පාර ගැන

:       1       0

Lakmal Sunday, 26 November 2023 08:41 AM

මුට පිස්සුද කොහෙද ?වටේ ඉන්න උන්ට ආතල් දෙන්න ගොන් කතා නොකියා මැරිලා යන්න ඕනේ මුන්

:       1       1

Ratne Sunday, 26 November 2023 08:41 AM

පින්ගොනා චන්දයක් තිබ්බ ගමන් හොරු ටිකට බලය අහිමි වෙනව. මහ බැංකු හොරා සහ පොහොට්ටු හොරු සමග මොන සහයොයෝගද?

:       1       1

සමන් Sunday, 26 November 2023 09:39 AM

ඔලුවේ තියෙන්නෙම ඩීල් වලින් බලය ගන්න හැටි තමයි. ඔක්කොටම කලින් කියන්න තමුන්ට කවුද ඔය පුටුවෙ ඉන්න බලයක් දුන්නේ කියලා

:       0       1

ගමේ එකාලා Sunday, 26 November 2023 08:09 PM

කොහොමද පින් ජනපතියා ගේ ටිකිරි මොලේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site