
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග නොතකා කොළඹ උත්සවයකට දේශපාලඥයන් කැඳවූ බව කියන කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියට එරෙහිව එම කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙසේ දේශපාලඥයන් කැඳවා ඇතැයි පැවසෙන්නේ කොළඹ මහනගර සභාව විසින් ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොළඹ 12 පීර් සායිබු වීදියේ ඉදිකරන ලද ප්‍රජා ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයටය.
මෙම උත්සවය පසුගිය 24 සිකුරාදා පැවැත්විණ.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට කළ පැමිණිල්ලක් අනුව එම කොමිසම මෙම උත්සවයට අපේක්ෂකයන් ඇතුළු දේශපාලඥයන් සහභාගී කරවීමෙන් තොරව රාජ්‍ය නිලධාරීන් පමණක් සම්බන්ධ කරගෙන පවත්වන ලෙසට අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති විමර්ශන හා සැලසුම්) බී.පී.සී කුලරත්න මහතා කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියට ලිඛිතව දැනුම්දී තිබිණි. කෙසේ වෙතත් නාගරික කොමසාරිස්වරිය එම ඉල්ලීම නොතකා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂය බටහිර කොළඹ සංවිධායක සාගල රත්නායක මහතා සහ කොළඹ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් පිවිසක් පිරිසක් සම්බන්ධ කරගෙන උත්සවය පවත්වා ඇතැයි තොරතුරු වාර්තාවූ බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම සිද්ධිය ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡාවට ගෙන සුදුසු තීරණයක් ගන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල ඇති රුකේ වවුලොත් එල්ලෙති පේනූ බල ඇතිනම් අපටත් ඉඩ දෙනු පේනූ ..... කියලා අන්දරේගෙ කවියේ චුට්ටක් වෙනස් කරන්න කියන්න හිතුනා ආයතන සංග්‍රහය අනුව දේශපාලන අයිතිවාසිකම් නැති කෙනෙක් පුද්ගලික ලාභ අරබයා කටයුතු කලා කියලා හිතෙනවා
බය වෙන්න එපා බද්රානි. ඔබට විරුද්ධව බොහෝ චෝදනා තිබෙනවා. බස් නැවතුම් පොළවල්, රජයේ නිල නිවාසවල නැවතී සිටීම ගැන, වෙළෙඳ අමාත්‍යාංශයේ ප්‍රශ්න ආදිය ගැන පරීක්ෂණ අරඹා ඇත. කිසිවක් සිදු නොවූ අතර 60 ඉක්මවූ පසු ඔබට සේවා දිගුවක් ලැබුණි. ඔබ වැනි වැඩ කළ හැකි SLAS නිලධාරීන් නැත.
මැතිවරණ කොමිසමයම . . . මොකක්ද බo ඒ ? කොහෙද එහෙම එකක් තියෙන්නේ ? මොනවද උන් කරන රාජකාරිය ? පින් පඩි කකා, පිනාධිපති ගහන පදයට නටන නාඩගoකාර පිoගුත්තර, පාදඩ එකමුතුවක්
මැතිවරණ කොමිසමේ මහත්වරු මර නින්දෙන් ඇහැරිලා නියෝගයක් ආවාම නැවත මර නින්දට වැටෙයි... පරිපාලන සේවයේ ඉන්න දූෂිතම අය තමයි... මේ... එයා ගැන ඊළඟ ආණ්ඩුව බලාගන්න ඕනෑ...
කෝ මේ හැම මංගල්ලයකටම ප්‍රතිචාර දාන භද්‍රානි?