IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විධායක නිලධාරියාගේ සිරුර නාන කාමරේ

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පන්නිපිටිය මාලපල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාළයේ නාන කාමරයක් තුළ දින තුනකට පමණ පෙර අභිරහස් ලෙස මියගිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගත් බව කොට්ටාව පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදිංචි විජේසුන්දර මුදියන්සේලාගේ සුදත් චින්තන රූපසිංහ (39) හැවිරිදි පෞද්ගලික බැංකුවකට අනුබද්ධ ආයතනයක විධායක නිලධාරියෙකු බව පොලිසිය කියයි .

මෙම පුද්ගලයා ඉහත ලිපිනයේ මීට වසර කිහිපයකට පමණ පෙර සිය මව සමග වාසය කර ඇති බවත්  පසුව මොහුගේ  මව පැවිදි වීම නිසා ඔහු පමණක් මෙම ස්ථානයේ හුදකලාව වාසය කර ඇති බවට තොරතුරු  අනාවරණය වී ඇති බව   පැවසේ .

ඒ අනුව මෙම පුද්ගලයා වාසය කළ කාමරය දෙසින් අධික දුගඳක් වහනය වීම නිසා සැක සිතුනු පුද්ගලයෙකු   119 හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරකට අනුව පොලීසිය පැමිණ කාමරයේ ජනේලයක් කඩා  ඇතුළු වී පරික්ෂා කිරීමේදී  නාන කාමරයේ බිම වැටී මියගොස් සිටි පුද්ගල මළ සිරුර සොයාගෙන තිබේ.

 

 



අදහස් (0)

විධායක නිලධාරියාගේ සිරුර නාන කාමරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site