( වී. ඒ. නිශ්ශංක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සීදූව කොටුගොඩ මාර්ගයේදී අද දහවල් යතුරුපැඳියකින් ගමන් කරමින් සිටි පස් ව්‍යාපාරික තරුණයකු පිටුපසින් යතුරු පැඳියකින් පැමිණි නාඳුණන පුදුගලයන් දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇති බව සීදූව පොලීසිය පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මව සමගින් යතුරුපඳියෙන් නිවස කරා යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.
වෙඩි වැදී බිමවැටී සිටි තුවාලකරු සීදූව පොලීසියේ සහය ඇතුව ප්‍රදේශවාසීන් රාගම රෝහල වෙත ගෙනගොස් ඇතුලත් කර ඇත.
එම තරුණයා සමග යතුරු පැඳියේ ගමන් කළ මවට වෙඩි ප්‍රහාරයෙන් හානියක් සිදුනොවී ඇති බවද අණාවරනය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ත කියන කෙනාගේ සම්බන්ධයක් තියෙනවාද?