යුද හමුදාවේ 1879 කට උසස්වීම් යුද හමුදාවේ 1879 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇති යුද හමුදාව පවසයි. 10 October 2023
චිනය එක්ක අලුත් ගිවිසුමකට කැබිනට් අනුමැතිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 October 2023
කොළඹට උඩින් පියාසර කරන්න ගාස්තුව වැඩි කරයි 2023 අංක 1 දරණ ගුවන් ගමන් සංසරණ පහසුකම් ගාස්තු රෙගුලාසි සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 10 October 2023
වැලි ටිපරයේ ගැටී පී.සී.මරුට කුරුණෑගල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ පුහුරිය හංදියේ දී වැලි පැටවු ටිපර් රථයක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු මියගොස් ඇති බව පොල්ගහවෙල පොලිසිය පවසයි. 10 October 2023
ඉඩම් කොමිසමට නව පනතක් එයි ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. 10 October 2023
වගා හානි වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය 2023 යල කන්නයේ වගා හානි සඳහා වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 10 October 2023
අල්ලස් ගත් සැරයන්-කොස්තාපල් ගෙදර රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් පදවාගෙන ගිය බව කියන පුද්ගලයෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමෙන් වැළකී සිටීම සඳහා රුපියල් 1,000ක මුදලක්එම පුද්ගලයා ගෙන් බලහත්කාරයෙන් ලබා ගත් බව කියන කන්තලේ මූලස්ථාන පොලිසියේ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගෙ වැඩ අද(10) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත. 10 October 2023
පිටරට වෛද්‍ය උපාධි ලංකාවේ පිළිගන්න නීති හදයි ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 10 October 2023
ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින්ට හිමිවිය. 10 October 2023
හරකා එස්.ටි.එෆ් සෙබළුන් දෙදෙනාට මරු කැඳවයි වව්නියාව හොරොව්පතාන මාර්ගයේ කෝවිල්කුලම් ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ඩිෆෙන්ඩර් රථයක් අයාලේ යන ගවයකුගේ ගැටි සිදු වූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් දෙදෙනකු මියගොස් තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වවුනියාව පොලීසිය පවසයි. 10 October 2023
දිවයිනපුරා අද තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 October 2023
ප්‍රහාර නවත්වන්න පියවර ගන්න - අබ්බාස් හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අන්දමින් පහර දීම නැවැත්වීමට මැදිහත් වෙන්නැයි බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරියේ ජනාපධිති මොහොමඩ් අබ්බාස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 10 October 2023
ඇමෙරිකා හමුදා ඊශ්‍රායලයට යවන්නේ නෑ හමාස් සටන්කාමීන් සමඟ දරුණු අවි ගැටුම්වලට මැදිහත් වී සිටින ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් සොබළුන් යැවීමේ අදහසක් නොමැති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 10 October 2023
ප්‍රාණ ඇපකරුවන් ඝාතනයට හමාස් සූදානම් ඊශ්‍රායල ගුවන් හමුදාව තව දුරටත් ගාසා තීරයට බෝම්බ හෙලන බව වාර්තා වේ. හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන දරුණුතම ප්‍රහාර මාලාව මෙයයි. 10 October 2023
කොළඹ - බදුල්ල පාරට පස් කඳු වැටේ පවතින ධාරානිපාත වර්ෂාව සමඟ අද (09) රාත්‍රී කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතර උඩ බ්ලැක්වුඩ් ප්‍රදේශයේ ස්ථාන දෙකක දී ගල්පර්වත සමග පස්කඳු කඩාවැටී එක් මංතීරුවක් අවහිර වී ඇති බව හපුතලේ පොලීසිය කියයි. 09 October 2023
රිජ්වේ ළමා රෝහලේ සී.ටී. ස්කෑන් ඇනහිටී බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී. ස්කෑන් පරීක්ෂණ අත්හිටුවීමට සිදුව ඇති බව රජයේ විකරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය. 09 October 2023
නවසීලන්තය ලකුණු 99 කින් ජයගනී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 6 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (9) පැවැති තරගයේදී නවසීලන්තය ලකුණු 99 කින් නෙදර්ලනත්ය පරාජය කළේය. 09 October 2023
‘‘ඡන්දය කල් දමන්න පිඹුරුපත් හදනවා‘‘ මේ වනවිටත් මැතිවරණ කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දැමීම සඳහා අවශ්‍ය කූට උපක්‍රම සහ පිඹුරුපත් සකස් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 09 October 2023
පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකාවට ඉන්දියාවෙන් යන්න කියලා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගිය පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකා සයිනැබ් අබ්බාස්ට ඉන්දියාවෙන් පිටවෙන්නැයි නියෝග කර තිබේ. 09 October 2023
දුම්රිය ස්ථානාධිපති සංගමය 100 වැනි සංවත්සර සමරයි මෙරට රාජ්‍ය වෘත්තීය සමිති තුළ අභිමානවත් සහ පැරණිම වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර 100 ක් සම්පූර්ණ විය . 09 October 2023
ඊශ්‍රායලයේ දී ලාංකිකයෝ දෙකක් අතුරුදන් ඊශ්‍රායල සහ පලස්තීනය අතර ඇති වී තිබෙන දරුණු ගැටුම් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු අතුරුදන් වී එක් ශ්‍රී ලාංකිකයකු තුවාල ලබා තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මහතා ප්‍රකාශ කළේය. 09 October 2023
ඊශ්‍රායලයේ ඉන්න ලාංකිකයන් රකින්න කඩිනම් පියවර ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය. 09 October 2023
රත්ගම වෙඩි තැබීමකින් හිටපු අයි.පී මරුට රත්ගමදී දැන් සිදුවූ වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂකවරයකු මරුමුවට පත්වී ඔහුගේ සොහොයුරා තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය කියයි. 09 October 2023
අද ඉවත් වූ ආයනය සීමාව රථ වාහන හැර ආනයනය තහනම් කර තිබූ සෙසු සියලුම භාණ්ඩවල තහනම ඉවත් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 09 October 2023
නිල්වලා ගඟේ කිඹුල්ලු ගම් වදිති මාතරට බලපා ඇති ගංවතුර තත්වය සමග නිල්වලා ගගේ සිටීන කිඹුලන් විශාල ප්‍රමාණයක් ගොඩබිමට පැමිණ ඇති බව ජනතාව පවසති. 09 October 2023
ෂාරුක් ඛාන්ට ලොකු ආරක්ෂාවක් ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු මෙන්ම බොලිවුඩයේ රජරුවන් ලෙස සැලකෙන ෂාරුක් ඛාන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල විමට අවස්ථාවක් තිබීම හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව තර කිරීමට තීරණය කළ බව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 09 October 2023
වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් වැල්ලම්පිටිය බ්‍රැන්ඩිය වත්ත නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයකු ඉලක්ක කර සිදු කළ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි. 09 October 2023
බුද්ධ ශාසන අමාත්‍යංශය කැලෑවට යයි කොළඹ පිහිටි බුද්ධ ශාසන අමාත්‍යංශය පිහිටි ගොඩනැගිල්ලේ බෝ පැල ඇතුළු විවිධ ගස් වර්ග පැලවීමෙන් එම ගොඩනැගිල්ල විනාශවීමේ තර්ජනයකට ලක්ව තිබේ. 09 October 2023
පෞද්ගලික බස් දුම් පරීක්ෂාවෙන් ඉවත් වෙයි සියලුම පෞද්ගලික බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය. 09 October 2023
බම්බලපිටිය අබලන් දුම්රිය පාලම අලුත් කරන්න ජනපති නියෝග බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දැනට පවතින ගුවන් පාලම ඉවත් කර මාස පහක් ඇතුළත නව පාලමක් ඉදිකරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. 09 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026