(යොහාන් භාසුර)

අපොස උසස් පෙළ විභාගයේ (2022) නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල අද (24) නිකුත් කළ බවත් එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන  www.doenets.lk හෝ www.results.exams.gov.lk  යන වෙබ් අඩවියට පිවිස විභාග අංක ඇතුළත් කර ගතහැකි බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.

වැඩි විස්තරයක් අවශ්‍ය නම් 0112784537, 0112784208 හෝ 0112786616 යන දුරකථනවලට විමසීමෙන් ගතහැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.