IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝටි පහක ගිණුමක් පවත්වාගෙන ගිය දෙදෙනකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 5,11,12,500 මුදලක් හා රන් පැහැති අත් පළඳනාවක් සමග සැකකරුවකු හා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගේ මවක අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

වයස අවුරුදු 34 හා 67 අතර පසුවන සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුබෝමුල්ල පමුණුගම ප්‍රදේශයේ දීය.

බැංකු ගිණුම් භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්න ලද මුදල් හුවමාරු කරගැනීම හා මත්ද්‍රව්‍ය ආශ්‍රිත ව සිදු කරනු ලබන වෙනත් ගනුදෙනු සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිදු කළ විමර්ශණයකින් අනතුරුව සැකකරුවන් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගිණුම් හිමියාගේ විස්තර පිළිබඳ සොයා බැලීමේදී ව්‍යාජ හැඳුනුම්පතක් සහ ව්‍යාජ ලිපිනයක් භාවිතා කරමින් ගිණුම් විවෘත කර ඇති බවට අනාවරණය වී යැයි යයි පොලීසිය කියයි.

පසුව දීර්ඝ ලෙස මෙම ගිණුම් සම්බන්ධව විමර්ශනය සිදු කළ නිලධාරීන්  මුදල් ලබා ගැනීමට  බණ්ඩාරගම ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසලට පැමිණි අවස්ථාවේදීය  අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අලුබෝමුල්ල පමුණුගම නිවසේ අල්මාරියේ තැන්පත් කර තිබූ එම මුදල් සහ  අත් පළඳනාව සොයාගත් බවත් අනතුරුව ප්‍රධාන ජාවාරම්කරුගේ මවද ආධාර අනුබල දීමේ වරදට අත්අඩංගුවට ගත් බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (0)

කෝටි පහක ගිණුමක් පවත්වාගෙන ගිය දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site